සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04

598 88 51
                                    


සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆

" මොකද්ද බූරුවො දොර වහගෙන කරන්නෙ?! "

" මට නින්ද ගියා... හොරු පනියි කියලා අර අයියා දොර වහන්න ඇති "

" ඔලුවවත් පීරගන්න එපා උබ. කටකෙල පෙරාගෙන ඉදපං දවසම. "

" පීරුවා.. ඔයාට වැඩක් නෑනෙ ඒ පන්ඩිතකං. "

රුශාල් රැව්වේය. නමුත් දොර විවර කරගෙන කාමරයට ගියේය.. පපුවට අතක් තබාගෙන සෝෆාව මතට ඇදවැටුණු ඔහු දිගු සුසුමක් ගත්තේය.

" උබද දොර වැහුවෙ.. "

" නිදිමතක් වගේ ආව හින්දා දොර වහන් ආවා.. "

රුශාල්ගේ කාමරයෙන් නික්මෙන සතර කන් මන්ත්‍රනය යන්තමට සඳක්ගේ සවන වැකුණේය. ඔහුගේ පපුව තවමත් යන්තම් ගැහෙමින් තිබුණේය. වෙව්ලන දෙපා මතට පැන්න ඔහු කාමරයට රිංගාගත්තේ මදක් ඇල වීමට සිතාගෙන ය. සයනය මත අමතකව ගොස් තිබූ කලු කෙල්වින් ක්ලයින් යටඇදුම ඇගිලි තුඩු දෙකකින් අල්ලා මේසය මතට දැමූ ඔහු වහල සිවිලිම් ගලවන්නා වූ වේගයකින් උගුරට ආ හිනාව මහත් වෙහෙසකින් තද කරගෙන කොට්ටය තුල මුහුණ එබුවේය..

' පාරෙ පල දැන් හොල්ල හොල්ල සිවිල්පිට.. ගොං පකයා '

**************

" අද යං අපේ දිහා.. "

" පිස්සුද සුදූ.. එදා මතකනෙ.. රෙදිත් නැතුව එන්න උනේ.. "

බකස් ගා පැන්න හිනාව වලකාගන්නට උනන්දු නොවී බඩ අල්ලාගෙන දෙකට නැමුනු සඳක්ගේ හසරැල් රාවය අතුරු පාර උඩ පහළ දෝංකාර දුන්නේය. වාහනයක් පේන මානයක නොවුණත් ආරුශ් ඔහු අතින් ඇද අයිනට ගත්තේ ය.

" එහ්.. එදා කන්න ඇවිත් ඇඹරුන ඇඹරිල්ල තමා ඇඹරිල්ල.. හ්..හම්මෝ.. බැරිම තැන අතින් අල්ලන් කුස්සියට යනවා මං බලාගෙන.. ' පිපිඤ්ඤා සලාද ටිකක් බෙදන්නද පුතේ '.. ' එපා ආන්ටි.. පුලුවන් නං පිපිඤ්ඤා ගෙඩිය තියෙන හරියට ඇහැ නොයවා ඉන්න ඒ ඇති '.. මහ්ට බෑ හුත්තො.. පිට උගුරෙ ගිහින් මැරෙනවා තව පොඩ්ඩෙන් එදා... හම්මෝ.. කැරිම ආතල් සීන් එකක් වුනේ එදානම්.. "

" කට වහපං සුදාම්මි.. තෝ හින්දා තමා.. එක්කො අතේ මිටමොලවන් ඇවිත් දීහං සුදු අයියෙ ආ මේක මුල්ලකට ගිහින් දාගන්න කියලා.. කොහෙද.. කට පුක වාගෙ හදාගෙන ආතල් ගත්තා මිසක්.. ඇගේ ලේ හිදිලා හිටියෙ එදා කාටහරි නෝට් වෙයි කියලා. තමුසෙගෙ තිබ්බ තදියම හින්දා නේද මං දුක් විදින්නෙ කියලවත් හිතපං. "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now