සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 03

586 104 23
                                    

සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆

ආරුශ් සඳක්ගේ නිවසට ආ සෑම විටෙකම සඳක්ගේ සිත රිදෙන්නට කාරණාවක් විය.

ඔහු රුශාල්, සඳක්ගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනාගෙන් බාලයාගේ හොදම මිතුරා විය. එබැවින් ඔහුට එහි දොර නිරතුරුවම විවෘත ව තිබුණේය.

නමුත් ඔහු කිනාරා , රුශාල්ගේ නිවුන් සොහොයුරිය ආරුශ් රුශාල්ගේ නිදන කාමරයේ රැඳී සිටින සෑම විටෙකම බොරු හේතු පවසමින් වෙනදාට වඩා එහි රිංගීම සඳක්ගේ සිතට වදයක් විය.

ඔහු සිය නිවසට ගොඩවෙන කිසිම විටෙක අත්‍යාවශ්‍ය දෙයකට හැර සඳක්ගේ කාමරයට නොයාම ඔහුට ඊටවඩා වදයක් විය. රුශාල් නාන කාමරයට හෝ ගිය වෙලාවක් අල්ලා ඔහු රුශාල්ගේ කුටියට ගිය විටෙක පවා ආරුශ් මගහැර සාලයට පැමිණ සෝෆාවක් මත හිදගන්නේ ය. ඔහුගේ මේ අනවශ්‍ය බිය සඳක්ගේ සිතට ගෙනාවේ එසේමෙසේ කෝපයක් නොවුණි. කිනාරා හා ආරුශ්ගේ බැඳීම නැවත දලුලාවිදැයි ඔහුට සිතෙන තරමට මෙම හැසිරීම ඔහුගේ සිතට වඳ දුන්නේය.

සෝෆාව මත ආරුශ් ලඟින්ම හිඳගෙන රූපවාහිනිය නරඹන කිනාරා දෙස රැවූ සඳක් සුපුරුදු පරිදි පලිගත්තේ අතේ තිබූ දුරකථනයෙනි. ශබ්ද නැගෙන හඩින් එයට ඇගිලිතුඩුවලින් පහර දුන් ඔහු සැබවින්ම කළේ යෙදුම් එකින් එකට ඉබාගාතේ පැනීම පමණකි. ඇස් දුරකථනය මත තිබෙන බව පෙන්වන්නට තැත් කළත් සෑම විටෙකම ඒවා සිය වැඩිමල් සොහොයුරිය හා ආරුශ් වෙත පැනීම ඔහුට වලක්වාගත නොහැකි විය.

" ආව්! " හිස මුදුනට වැදුනු ටොක්ක වේදනාවට වඩා ඔහු තිගැස්සුවේය. තමා අසල සිටගෙන සිටින්නේ අම්මා බව දුටු විගස දිවගට ආ පරුශ වදන් එසේම ඔහු ගිලගත්තේය.

" දවසම ඕකට කොටලා කොටලා අන්තිමට ඇවිත් අඩහං මිග්‍රේකුයි අර ග්‍රේනුයි කියලා. " සඳක්ට වඩා රිදුනේ ආරුශ්ට ය. ඔහු දෙතුන් වරක් හැරී බලා කිසිත් නොකියා ගිලගත්තේ අපහසුවෙනි. " මුං කොහොම කැම්පස් සිලෙක්ට් වුණාද මංදා අප්පා.. "

සඳක් හිස ඔසවා 'සිලෙක්ට්' වුණ හේතුව දෙස බැලුවේය. ඒ දවස්වල ලැබුණු ටොකු පහරවල්වල ලගින් සිටගන්නටවත් අම්මාගේ ටොක්ක අසමත් බව සිහි වන විට ඔහුට කේන්තිය අමතකව ගොස් කම්මුල් මත හිනාවක සේයා තැවරිණි. අම්මා ඔහුට බීම වීදුරු ඇසිරූ බන්දේසියෙන් එකක් ගන්නට ඉඩහැර ඉතිරි තුන සෝෆාව ඉදිරියේ වූ කෝපි මේසය මත තැබුවාය. " තනියෙන් හිනාවෙවී.. මූ වැඩිකල් නොගිහින් අංගොඩ ගෙනිහින් දාන්න වෙනවා.. "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now