- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -

384 55 15
                                    

" සඳක්.. මයෙ මැනිකෙ අනේ ඉක්මනට නාල එනවකො. අම්මා එනවා ඇති දැන්.. මං CCTV ටික fix  කරලා එන්නම් මැනිකෙ තමුසෙ එහෙනම් නාල පොතක් ගන්නවද?"

ආරුශ් නැවත වරක් දොරට තඩිබෑවේය. ඔහුගේ මිල අධික ශැම්පූ වර්ග.. කන්ඩිශනනර් සහ සියලුම සේදුම්කාරක එකින් එක ගත ගල්වමින් පැයකට ආසන්න කාලයක් ශවරය යට ගෙවන සඳක්ට ඔහුගේ හඩ ඇසුනේ නෑසුන ගානටය.

      " මෙච්චර ඒව ගාලත්නෙ මූ ගොරහැඬියා වගේ ඉන්නෙ.. සබන් නැති වෙලාවට හාපික් ගාලත් නාන මං ඉන්නවනෙ ඒකට කිරි කෑල්ල වගේ.. " සඳක්ගේ ඇහිබැම එකට යා වුණි. " මේව ගාන හින්දද මේකා මේම හොට්..? අහිංසක මං රැවටුනාවද්ද මුගෙ පෙනුමට...? "

  සුසුමක් රෝස තොල් අගින් නික්මිනි. ඔහුගේ උරහිස් ඉස්සුනේය. " කමන්නෑ සල්ලි තියෙනවනෙ. "

      තමා සමඟම සිනාසුනු සඳක් උනුහුම් ජල මල වසා දමා තුවායක් පටලාගත්තේය. " සුගරප්පච්චී.. මගේ සුගරප්පච්චී.. මට තෝත් එක්ක තොගේ ගමට-"

නාන කාමරයේ දෝංකාරය සමඟ ඔහුගේ ස්වරය උච්ච වන්නට පටන්ගත්තා පමණකි.  ආරුශ් නැවත දොරට තඩිබෑවේය.

             " අනේ ඉදපංකො හුත්තිගෙ පුතෝ තදියම නැතුව මේ රෙදි ඇදගෙන එන්නං! දැන් හදිස්සියට කොරපු හරිය මදිද?! තාම හරියට ඇවිදගන්නත් බෑ මට.. උඩපයින්නැතුව ඉදපිය පරයා.. මං දැන් එලියට ආවොත්නං අරිනවා තොට ඇරිල්ලක්--"

         " හුත්තිගෙ පුතා නෙවෙයි මේ මහ හුත්ති- නාගෙන එන්න තේ බොන්න. "

සඳක්ගේ ඇස් ඔලුකට්ටෙන් පිටතට නොපැන්නේ දශම ගණනකිනි. ඔහුගේ දෙපා වෙව්ලුවේය. සිදු වූ දේ අදහගන්නට බැරිව පස්සෙන් පස්සට ඇදුනු දෙපා පැටලී ඔහු නැවත නාන බේසම මතට ඇද වැටුණේය. ආරුශ් ඔහු සේදූ පෙන සහිත කිලිටි ජලයේ අඩක් ගිලුණු ඔහු ඉණෙන් බුරුල් වී හුලගේ ගොස් මුව මතට වැටුණු තෙත තුවාය කොනක් ගෙන හපාගත්තේය.

        " සඳක්- " එවෙලෙහිම වාගේ නාන කාමරයේ දොර විවර කරගෙන කඩාපැන්නේ ආරුශ් ය. මව ද ඔහු පිටුපස සිටගෙන විමතියෙන් බලා සිටියාය. නූල් පොටකුදු යටිකය නැතිව නාන බේසමේ අඩක් ගිලී සිටින කොලුවා දුටු විගස ඈ ඉවත බලාගත්තාය. " අම්මා ඔයා යන්නකො.. "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Donde viven las historias. Descúbrelo ahora