බෝ පතක පිනි කඳුලු - 03

498 82 14
                                    

බෝ පතක පිනි කඳුලක්...

-03-


" ඈ බං පෘත්වියො... උබ කොහෙද සති තුනක් තිස්සෙ අතුරුදන් වෙලා හිටියෙ?! "

කමලක්කා කඩ කඩ හිටිය බොංචි ටික කොරහට දාල මං දිහාට හැරුනෙ ගමේ යනවා වාගෙ කුස්සිය මැද්දෙන් ගිහින් වතුර වීදුරුවක් වක් කරගෙන බොන්නෙ මොකාද කියලත් කන්ෆියුස් වෙලා වෙන්නැති. පොඩි බඩ්ඩ පොල් ගගා ඉදලා මං එනවා දැක්කම ඇඹරෙන්න ගත්තා. කාටවත් නොදැනෙන්න හිමීට ඈත් කරගෙන ඉදපු කකුල් ඒම දිග ඇරලා කලිසම පාතට ඇදලා හදාගන්නවා මං ඇහැ කොනින් යන්තම් දැක්කා. අනේ බොගෙ හැදියාව. ලොකු නහර පෑදිච්ච එකක් දැක්ක ගමන් ඔය කලිසං දෙපා මුල.. මං දන්නැද්ද...


" පොඩි වැඩකට කොළඹින් පිට ගියා බං. මොනාද රෑට හදන්නෙ? "

" රස්තියාදු ගගහා ඉන්න උබේ පොඩි වැඩ.. අනේ නිකන් ඉදහං බං. තේ ටිකක් වක්කරලා දෙන්ඩද ? "

" හා.. තුන් දෙනාටම වක් කරහං අක්කෙ. මං කේක් වගයක් ගෙනාවා.. "

පුටුව උඩ තිබ්බ පාර්සල් ටික අක්කා දැක්කෙ දැං වෙන්නැති. ඒකිගෙ ඇහිබැමි දෙක එකක් වාගෙ ලං වුණා.. " ඈ බං.. උබ බැංකුවක්කත් කැඩුවද? උබට කොහෙන්ද මෙච්චර සල්ලි? "

" පොඩි වැඩක් කරා ඕයි.. "

" .. මට උබ ගැන සැකයි පෘත්වි.. ආහ්... ආං මාලුකාරයා එනවා! බෝපත් ඕක තියලා දුවපං කොල්ලො... ආහ්.. තලපත් කිලෝ එකක්.. බලලා ගනිං හොද ඒවයෙං . "


" .මං? " කොල්ලා අදිමදි කරා. මූ මස්මාලු මොකුත් කනවා මං දැක්කෙ නෑ. මුට තේරුමක් තියෙන්න විදියක් නෑ මාලු තෝරන්න.

කමන්නෑ නම කියලා කිලෝ එකක් ඉල්ලගෙන එන එක මහ කජ්ජක් යැ..

" යකෝ ඔතන තොදොල් වෙවී ඉන්නැතුව දුවහං! මාලුකාරයා වුණාට ඌ යන්නෙ ජෙට් එකක් මහපාරෙ යන සෑම්පලේට. "

කොල්ලා බලහත්කාරෙන් වාගෙ කකුල් ඇදගෙන කුස්සියේ දොරෙන් එලියට දිව්වෙ හැට්ටෙ අස්සෙ ගහන් ඉදලා කමලක්කා දුන්න රුපියල් දෙදහත් අතෙ පොඩි කරගෙන..

" උබ කොහෙද ආපහු යන්න හදන්නෙ දැන් ඔය? "

" අරූට මාලු ගන්න තේරෙන්නෑ. මං බලලා එන්නං. "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now