සඳක් 🌙✨ - 16 -

290 43 0
                                    



" මොකද්ද පිස්සො කරන්නෙ...?! "

"  අහ්නේ ඕක දෙන්න අයියෙ! "


" ෆය' එලාම් වදී ගොං වාහෙ! මොනප්- පිස්සුවක් කෙලිනවද දන්නෑනෙ අම්මපා.. "


ආරුශ් වතුර බෝතලයක් පිටින්ම දුම්මල බදුන මතට හැලුවේ අලුත සෝදා පිස දැමූ පොලවේ ද අලු මිශ්‍ර වතුර හලමිනි.

     සඳක් නොමනාපයෙන් ගොස් ඇදේ හිදගත්තේය.


" හොදටම තද වෙලා නට් ඔක්කොම.. "


     " ඔයාලට ඉතින් කොච්චර කරත් අහගන්න වෙන්නෙ ඕකනෙ අයියෙ.. වහල්ලුන්ගෙන් වගේ වැඩ අරන් අන්තිමට වැරැද්දක් උනාම බනිනවා.. පිරිමි- ආහ් මාත් පිරිමිනෙ.-........ ටොප්.. ඔව් ටොප් ජාතියම එකයි! "


" මං වැඩ ගත්තෙ කවද්ද බූරුවො.. එපා කියද්දින් දූවිලි අවුස්සල දැන් බලහන් කාමරේම මං කොනක ඉදන් අස්සද්දන්න ඕනැ. ඒ මදිවට මේක ගිනිත් තියන්න යනවා. ඔලුවෙ ගොමද තියෙන්නෙ?! "


" ............... "


   " ක්ලෝසෙට් එක පැත්තෙනං යන්න එපා වස්තුවෙ.. මේ කරපු හරිය හොදටම ඇති.."


    " මං ශර්ට්ස් ටිකත් ඔක්කොම අයන් කරල තියෙන්නෙ.. ඔයාට අගයක් නෑනෙ.. "

    " Oh my- fucking - god! " ආරුශ් ඔලුවේ අතක් ගසාගෙන ක්ලෝසට්ටුව දෙසට ගියේය. ඔහුට බයක් දැනුණි. හදවත ගැහුණේය. ඔහු එහි දොර විවර කලේ භූත මන්දිරයක දොරටුවක් විවර කරනවා තරම් පසුගාමී වෙමිනි.

        එල්ලා තිබූ කලිසම් සියල්ල නවා එක ගොඩක අසුරා තිබුණි. එයට නම් කම් නැත. ඔහුට ඒවා මැද නැවත එල්ලිය හැක.

කමිස සියල්ලත් හැගර්ස්වල පිලිවෙලට එල්ලා තිබුණි... ' ම්ම්හ්.. weird.. '


    " මං කිව්වනෙ.. මං කිසි වැඩක් හරියට කරගන්න බැරි අපතයෙක් නෙවෙයි.. ඔයා හැසිරෙන විදියෙන් මගෙ හිත රිදෙනවා අයියෙ හරිද.."


     " Shh! "

" මට හූශ් හූශ් ගාන්නෙ.. "


   " වහගනිංකො මිනිහො.. "


" ..... හරි අපූරුයි මැනික ගගා පස්සෙන් ඇවිත් සෙට් කරගෙන දැන් සලකන විදිය.. ලඟට ගන්නකල් විතරයි ඔක්කොම පූචානම් - ඊටපස්සෙ ඉතින්- " සඳක් දිගටම කියෙව්වේය. ආරුශ් රෙදි එකින් එකට ගොස් පරීක්ෂා කරේ නහයට පවා කරමිනි. කුමක් හෝ වරදක් නැති විය නම් නොහැකිය.



සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now