මම ආයේ ඇහැරුනේ කොච්චර වෙලාවකට පස්සෙද කියලා මම දන්නේ නෑ.. මම ඇහැරෙද්දිත් හිටියේ ඒ විදිහටම එයාගේ පපුව උඩ වෙද්දි එයා එක අතකින් මගේ ඔලුව අතගාන ගමන් හිටියා..

නින්දෙන් ඇහැරුනාට පස්සේ මට ඇහුණේ එයා රහසෙන් සින්දුවක පදපේළි කිහිපයක් මුමුනන හඬ..

මම නැගිට්ට බවවත් එයාට දැනෙන්න නොදී මම කලේ ඒ පපුව අස්සේ ඉදගෙන මටම විතරක් ඇහෙන එයාගේ ඒ වචන අස්සේ ගිලෙමින්..

ඒත් ඊලග පදපේලිය මට කියන්න ඕනේ උනා.. ඒකයි මං එහෙම කිව්වේ..

අවසානෙදි එයා සොෆ්ට් ඇන්ඩ් ස්වීට් වොයිස් එකකින් නැගිට්ටද රත්තරන් කියලා ඇහුවහම මම ඇස් පොඩි කරන ගමන් ආපහු එයාගේ පපුව අස්සට මූන ඔබාගත්තා..

"හුම්ම්"

මම මිමිනිල්ලකින් උත්තර දුන්නහම එයා ආපහු මගේ හිස් මුදුන සිපගත්තා..

"දැන් යමු නේද..ම්ම්..?"

එයා පුදුම ආදරේකින් එහෙම කියනගම්න් මගේ ඔලුව අතගෑවම මම මගේ නලල එයාගේ පපුවේ ඇතිල්ලුවේ බෑ කියලා කියන්න..

"අනේ.. තව චුට්ටක් ඉමුකෝ.. වෙලාව කීයද දැන් සුදුමහත්තයො..?"

මම හතයි කියලා අනුමාන කලත් මම හරියට වෙලාව දන්නැති නිසයි මම එයාගේ පපුවේ ඔලුව තියාගෙනම එහෙම ඇහුවේ..

"ම්ම් හතයි කාලයි.."

"ඔහ් වෙලා ගිහින් නේද.. ඇයි මාව නැගිට්ටුවේ නැත්තේ.."

ඇත්තටම හතයි කාලයි කියන්නේ රෑ වෙලානෙ.. අකමැත්තෙන් උනත් මම ඒ පපුව අස්සෙන් නැගිටින්න ගියත් එයා ආපහු මාව ඇදලා අරන් එයාගේ පපුවට තුරුල් කරගත්තා..

"නැගිට්ටවන්න ලෝභ හිතුණා.."

එයාගේ පපුව මත තිබුනු මගේ මූන එයාගේ පැත්තට හරවගත්තු එයා මගේ නහය මුදුනෙන් හාදුවක් තියලා කිව්වහම මම ඉස්සිලා එයාගේ නිකටට හාදුවක් දුන්නා..

"ඔයාටත් නින්ද ගියාද..?"

"ම්ම් නෑ.."

"නෑ..?"

නැති වෙන්නේ කොහොමද.. මං දන්නවා මං එක්ක ඔට්ටු වෙලා එයාට මටත් වඩා මහන්සියි කියලා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now