40📖️

3.5K 698 814
                                    

"මොකද ඔහොම බලන්නෙ.."

සුදු ටවල් එක විතරක් ඉන වටේ පටලන් ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා හිටගෙන ෆෝන් එක අතේ තියන් ඉදපු ආදේව් ඔලුව උස්සලා කණ්ණාඩියෙන් පේන මගේ දිහා බැලුවා..

"කැමතිම පාට සුදු ද.."

"හ්ම්.. ඇයි.."

එයා හ්ම් කියද්දී මගේ මූණට ආවෙ හිනාවක්..

අයියායි මල්ලීයි අහසයි පොළවයි වගේ..

එක අතකට එහෙම නොවුනොත් තමයි පුදුම.. එකම අම්මා උනාට තාත්තාලා දෙන්නෙක්නෙ..

"නිකන්.."

මගේ දිහා ඇහිබැමක් උඩට උස්සලා බලපු එයා එතනින් එහා මුකුත් නාහාම තද නිලට හුරු සරමක් ඇඳගත්තේ මගෙ ඇස් එයාගෙ නිරුවත් උඩුකය පුරා යද්දී..

වාත්තු කල ඉටි රූපයක් වගේ..

මොනවා නැතත් රාජ මාතාවගෙ රූපෙ නම් අඩුවක් නැතුව මගෙ එකාට ඇවිත් තියෙනවා..

අඩුපාඩුවට ඒ අහංකාරකමත් එහෙම්මම ඇවිත්..

ආදේව් කෞෂික් දුනුවිල

දිනුල ගෞරව් මංචනායක

මම අදටත් උඹලා දෙන්නාගෙ වෙනසක් හොයනවා දේව්..

උඹ කොච්චර කිව්වාත් උඹ එයාව දන්නෙ නෑ කියලා මගේ යටි හිතට දැනෙන සැකයක් කිසිම දවසක වැරදිලා නෑ..

"පොත අතේ තියන් මොනවාද ඔච්චරටම කල්පනා කරන්නෙ.."

මම ඉඳියෙ ඇඳේ හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වෙලා ⁣නවල් එකක් කියවන ගමන් වෙද්දී එයා මගේ අතේ තිබුණ පොත නයිට්ස්ටෑන්ඩ් එක උඩින් තියලා මාවත් ඇඳේ පෙරලගෙන මගේ ඇඟ උඩට ආවා..

"වෙඩින් එක වෙනකන් ආපහු වලව්වට එන්නෙ නෑ කියලා ඇයි දැන් එකසැරේටම ආයෙත් මාව මෙහෙ එක්කගෙන ආවේ.."

"වෙඩින් එකට ඩේට් ෆික්ස් කරලා.. අත්තම්මා කිව්වා සීයා එක්ක පන්සලට ගිහින් හාමුදුරුවෝ හම්බවෙන්න කියලා.."

ආදේව් කියද්දී මං එයා දිහා බැලුවේ පුදුමයෙන්..

"මෙච්චර ඉක්මනට..?"

"ඉක්මනක් කොහෙද බං.. නෙක්ස්ට් මන්ත් වෙනකන් ඉවසන්න ඕනනෙ.."

"ඇයි මොකද හදිස්සියිද හාමු මහත්තයාට.."

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: May 25 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

අයි.ඩී. (Yizhan) Onde histórias criam vida. Descubra agora