35📖️

5.6K 908 1.4K
                                    

"ආදේව්... ආදේව් කෞෂික් දුනුවිල.."

මගේ ඉන වටේ අතක් පටලවාගෙන අනිත් අත කලිසම් සාක්කුවට දාගෙන දේව් කියද්දී රනුක එයා දිහා බලන් ඉඳියෙ ඇස් දෙක ලොකු කරන්..

රූපෙන් දැකලා නැතත් දුනුවිල ගෘෆ් එක ගැන වගේම ආදේව් දුනුවිල ගැන නොදන්න කෙනෙක් මේ කොළඹ ඉන්න විදිහක් නෑ..

"දැන් උඹ කියන්නේ උඹ දුනුවිල ගෘෆ් එකේ මුනුපුරෙක් කියලා මට විශ්වාස කරන්න කියලාද.."

"මුඩුක්කුවෙ හැදුන හිඟන්නා.. තෝ කොහොමද යකෝ දුනුවිල වලව්වෙ උරුමක්කාරයා වෙන්නෙ.."

රනුකගෙ වචන ඉස්සරහා මට කේන්ති ගියාත් දේව්ගෙ කට කොනේ ඇඳුනෙ හිනාවක්..

"විශ්වාස කරන නොකරන එක තමුන්ගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ මිස්ටර් එදිරිමාන්න.."

"අනික තමුන්ට ඒ ගැන සැකයක් තියෙනවා නම් මගේ අප්පච්චි මීට් වෙලා මාව හැදුවේ කවදා කොහොම කාත් එක්කද කියලා අහලා දැනගන්න පුලුවන්.."

"උඹ......"

රනුක ආදේව්ට ලං වෙන්න හැදුවාත් ඒත් එක්කම කොහෙදෝ ඉදලා ආපු බොඩිගාඩ්ස්ලා හතර දෙනෙක් මායි දේව්යි ඉස්සරහින් හිටගත්තේ රනුක පුදුමයෙන් බලන් ඉඳිද්දී..

"රුද්‍ර.."

"සර්.."

"උඹලා පලයන්.. මේක මට බලාගන්න පුලුවන්.."

"ඒත්..."

"කිව්වාම පලයන්.."

රුද්‍ර ඇස් කොනෙන් මගෙ දිහා බලද්දී මම දේව්ට නොපෙන්න හෙමීට ඔලුව වැනුවෙ එයා අනිත් බොඩිගාඩ්ස්ලා එක්ක යන්න යද්දී..

එතනින් එහා ආයෙත් තත්පර ගානක් රනුක දිහා බලන් ඉදපු දේව් මාව අත් ඇරලා එයාට පියවරකින් ලං වුණා..

"සදෙව් මාව මැරි කරන්න ඉන්නෙ.. ඒ නිසා තමුන් එයාගෙ ඇස් මානෙන් ඈත් වෙලා ඉන්නවා නම් මම කැමති මිස්ටර් එදිරිමාන්න.. මේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝර්නින් එක.. ආයෙ මම තමුන් එක්ක මෙහෙම හොඳින් කතා කරන එකක් නෑ.. හොඳට මතක තියාගනින් මම ආදේව් දුනුවිල මිසක් උඹලා ඔය කියන දිනුල නෙමෙයි.. තමුන්ට දැන් යන්න පුලුවන්.."

අයි.ඩී. (Ongoing)Where stories live. Discover now