22📖️

3.7K 720 640
                                    

"ගුඩ්මෝ........."

මට ගුඩ්මෝනින් කියන්න ගිය සඳූගෙ ඇස් දෙක ලොකු උනේ එයා මගේ දිහා තත්පර කීපයක් පුදුමයෙන් බලාගෙන ඉඳලා එකසැරේටම බඩටත් අතක් තියාගෙන සද්දෙන් හිනාවෙන්න ගනිද්දී..

"මොකද තමුන් හිනාවෙන්නෙ.. මේක ඔෆිස් එකක්ද එහෙමත් නැත්නම් නාඩගම් මඩුවක්ද අයිසෙ.."

ඔෆිස් ටයිම් එකෙන් පිටදී යාලුවා උනාත් මෙතන වැඩ කරන පැය ගානෙදී සඳලිත් මගේ තවත් එක සේවකයෙක් විතරක් වෙද්දී මං කේන්තියෙන් කෙල්ලගෙ ඇඟට කඩාගෙන පැන්නෙ සදෙව් එක්ක හිතේ තිබුණ නොරිස්සුම පිට කරන ගමන්..

කටක් නෙමෙයි අරූට තියෙන්නේ.. ඕකා හොඳයි වස් කවි කියන්න යවන්න..

උදේ පාන්දරම වාහනෙ කැඩුන තරහට මං හිතෙන් සදෙව්ට දෙහි කැපුවා.. ඔය යකා කරොත් කරන්නෙම මගේ කේන්තිය අවුස්සගන්න වැඩක්නෙ.. ඕකාව බැන්ඳොත් වැඩි දවසක් නොගිහින් කේන්තියටම මගේ නහරයක් පුපුරනවා..

"සොරි.. ඒත් ඔයාව ඔහොම දකිද්දී හිනා යනවා සර්.."

සඳලි එහෙම කියලා තොල් දෙක තද කරන් හිනාව කාගෙන බිම බලාගත්තේ මට එයා කියපු දේ නොතේරෙද්දි.. මේකි මොන මඟුලක්ද ඒ සැරේ කියවන්නෙ.. සඳලි දිහා බලාගෙනම කොණ්ඩෙ හදන්න ගියාත් අතට කොණ්ඩෙ අහුනොවෙද්දි මං අත ඔලුව දිගේ අරන් ගියෙ සිද්ද උනේ මොකක්ද කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් නොයද්දී..

"මොන හු..."

එහෙම්මම ඔලුවෙ දාගෙන ඉඳපු හෙල්මට් එක ගලවලා මම මේසෙ උඩින් තිබ්බෙ හොඳ හුස්මක් අරන් මගේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන අතරේ..

අරූගෙ ආච්චිට හාල්ගරන්න.. උඹේ නම්බුව ඉවරයි කොල්ලො..

"අහ්ම්.. එහෙම තමයි ඉතිං.. ඉඳලා හිටලා මිනිස්සුන්ට අමතකවීම් අතපසුවීම් වෙන්න පුලුවන්නෙ.."

උගුර පාදලා වෙච්ච ලැජ්ජාව වහගන්න මම උත්සාහ කරාත් පහළ ඉඳන් විසි තුන් වෙනි තට්ටුවෙ තිබුණ මගේ ඔෆිස් රූම් එකට එනකම්ම මෙහෙම හෙල්මට් එකත් දාගෙන ආවා නේද කියලා මතක් වෙද්දී මට මෙතනම වලක් කපාගෙන වැලලෙන්න හිතුණා.. හොඳ වෙලාවට ලිෆ්ට් එක තිබුණේ..

අයි.ඩී. (Yizhan) Onde histórias criam vida. Descubra agora