19📖️

3.4K 749 409
                                    

චටාස්

මගේ අත සාහිල්ගෙ කම්මුල උඩ නතර වෙද්දී මම එයා දිහා බැලුවේ රවලා..

"උඹ.. උඹ එහෙනම් මට අත ඉස්සුවා.. උඹට මම..."

කේන්තියෙන් එහෙම කියපු සාහිල් ආපස්සට මට ගහන්න අත ඉස්සුවාත් මම එයාගෙ අත අල්ලගත්තා..

"උඹ වගේම මාත් පිරිමියෙක්.. ඒ නිසා අත පය උස්සගෙන ඇවිත් මට කියලා අත කඩාගන්න ලෑස්ති වෙන්න එපා සාහිල්.."

සාහිල්ගෙ අත පැත්තකට තල්ලු කරපු මම උගේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා කියද්දී එයා මගේ දිහා බලන් ඉඳියේ රතු කරගත්ත ඇස් වලින්..

"උඹට මං කාගෙ කවුද කියලා අමතක වෙලාද යකෝ මෙහෙම සද්දෙ දාගෙන එන්නෙ.."

"උ⁣ඹ උඹේ තාත්තාගෙ පවර්ස් අරන් රැඟුවාට මට උඹවත් උඹේ ඇමති තාත්තාවත් ලොකු නෑ කියලා හොඳට මතක තියාගනින් සාහිල්.. මං උඹට බය නෑ.. උඹේ තාත්තාට බයත් නෑ.. කොහොමත් බොහෝම ඉක්මනට මම උඹේ තාත්තා දාගෙන වෙස් මූණත් මේ රටේ මිනිස්සු ඉස්සරහා ගලවනවා.. පාරෙ ඉන්න බල්ලොන්ට ගිහින් විසි කරපන් උ⁣ඹලාගෙ කුඩු සල්ලි.. මේ  සදෙව් දේවනාරායන කිසිම දවසක සල්ලි ඉස්සරහා මගෙ ආත්මෙ පාවා දෙන්නෙ නෑ.. ඒක අමතක නොකර හොඳට මතක තියාගනින්.."

"උඹ දැන් එහෙමද.."

සාහිල් එහෙම අහද්දී කට කොනකින් හිනා උන මම උගේ ඇස් දිහා කෙලින් බැලුවා..

"ඔව් එහෙම තමයි.."

"හරි අපි බලාගමු.. අද රෑ වෙද්දී උඹව මගේ ඇඳට ගත්තෙ නැත්නම් මං මගේ තාත්තාගෙ පුතෙක් නෙමෙයි.."

"එහෙනම් හෙට වෙද්දී උප්පැන්නෙ තියෙන තාත්තාගෙ නම වෙනස් කරගන්න ලෑස්ති වෙලා ඉඳපන්.."

කින්ඩියට හිනාවෙලා සාහිල්ට උත්තර දීපු මම එතනින් එන්න ආවේ අත මිට මොළවගෙන..

කාළකණ්ණි හැත්ත.. මුන් හිතාගෙන ඇත්තෙ හැම මිනිහාම උන්ගෙ සල්ලි ඉස්සරහා දණ නමයි කියලා.. සාහිල් නෙමෙයි ආදේව් මට ඔහොම යෝජනාවක් කරාත් මැරුවාත් මම මගේ ඇඟ විකුණලා සල්ලි හොයන්නේ නැහැ..

පොඩ්ඩක් ඉඳපන් සදෙව්.. දැන් උඹ මොකටද ආදේව්ව මතක් කරේ.. ඌව මෙතනට අදාලම නෑනෙ.. මගේ යටි හිත මගෙන් එහෙම අහද්දී මං මගේ ඔලුවට ටොක්කක් ඇනගත්තා.. ආයිෂ් මේ ගස්නරියා මට මොනවා කරලා ද මන්දා.. එක පැයක් මට මේකාව මතක් නොකර ඉන්න බෑනේ..

අයි.ඩී. (Yizhan) Where stories live. Discover now