26📖️

5K 881 435
                                    

"අනේ කරවිලයො අතෑරපියකෝ.."

එයාගෙ සරම් බොක්කෙ දගලන ගමන් යන්න දෙන්න කියලා මම නහින්න හැදුවා..

"සරම ඉරන්නෙ නැතුව පාඩුවේ ඉදපන් බං.. තමුසෙ ඇඟ උඩ නටලා නැත්නම් මට දැන් වෙන අමාරුවක් හැදෙනවා.."

පිටිපස්සෙන් ඇහුන එයා⁣ගෙ කටහඬත් එක්ක මගේ කන් දෙකම රතු වෙලා ගියේ දේව් අදහස් කරපු දේ තේරුන නිසාම වෙද්දී මං වැලමිටෙන් එයාගෙ බඩට ඇන්නාම එයා මගේ අත් දෙකම හිර කරගෙන ඉන වටේ අත් දාගත්තෙ ⁣උරහිස උඩින් නිකට තියාගන්න ගමන්..

"දේව්.. ඔයා.. මොකද කරන්නෙ.."

"මම මොනවා කරනවා වගේද මගෙ මැණිකෙට පේන්නෙ.. ම්.."

මම දන්නෙ නෑ මට දැනෙන මේ හැඟීම වචන කරන්න.. මෙච්චර කාලෙකට කිසිම පිරිමියෙක්ට මං මේ තරම් ලං වෙලා නැති වෙද්දී මගේ හිත ඇතුළෙ ලොකු යුද්ධයක් වුණා..

ඒක හරියට ආසයි බයයි වගේ හැඟීමක්..

"සීයා කියලා ගියේ කාමර දෙකක නිදාගන්න කියලා නේද පුංචි හාමුට.."

"ඒ නිදාගනිද්දිනෙ මගෙ මැණිකෙ.."

එයා මැණිකෙ කියලා කියන වාරයක් පාසා මගේ මූණ ආයෙ ආයෙත් රතු වුණා..

"කවුද ඔයාගෙ මැණිකෙ.. මං කාගෙවත් මැණිකෙ කෙනෙක් නෙමෙයි.. මට නමක් තියෙනවා.."

"නම අපි කොළඹට තියාගමුකො.. වලව්වට උඹ මගේ මැණිකෙ.. තේරුණා ද මගෙ සුදු මැණිකෙට.. ම්.. නැත්නම් මම උඹට රන් මැණිකෙ කියන්නද.. ආ මැණිකෙ.. මගෙ මැණිකෙ ඒ නම් දෙකෙන් කෝකටද කැමති.. "

එයා අහනවා මට සුදු මැණිකෙ කියන්නද නැත්නම් රන් මැණිකෙ කියන්න ද කියලා.. අනේ මං දන්නෙ නෑ අෆ්ෆා ඕවා.. මගේ කන් දෙකෙන් දුම් පිට වෙන්න වගේ.. ඒ අස්සෙ මගේ පපුව එලියට පනින්න තරම් වේගෙන් ගැහෙනවා..

ලැජ්ජායිනෙ හාමුවෝ..

මෙච්චර දවසක් මට රවාගෙන පුප්පගෙන ඉදපු මිනිහා නේද මේ වලව්වට ආපු ගමන් වෙස් පෙරලගෙන පෙම් බස් දොඩවන්නෙ..

"මූණත් එක්ක රතු වෙලා.."

මගේ කම්මුලකට නහය තද කරන ගමන් එයා කියද්දී මම කකුලෙ මාපටැගිල්ලෙන් පොලවෙ ඉරි ඇන්ඳෙ යටි තොල හපාගෙන..

අයි.ඩී. (Ongoing)Kde žijí příběhy. Začni objevovat