32📖️

3.9K 791 702
                                    

"අයි ලව් යූ.."

තත්පර ගානට මට වටේ තිබුණ හැමදෙයක්ම අමතක වෙලා යද්දී මං ඇහිපිය නොගහා සදෙව් දිහා බලන් ඉඳියාත් ඒත් එක්කම එයා හයියෙන් හිනාවෙන්න ගත්තෙ මගෙන් ඈතට වෙන ගමන්..

"අම්මෝ දේව්... ඔයාගෙ මූණ බලන්න ලස්සනයි.."

ඇත්ත කියලා හිතුවාත් හිනා වෙන විදිහෙන් එයා මාව විහිලුවට ගත්තා කියලා තේරෙද්දි මගෙ හිතේ ඇති උනේ නොරිස්සුමක්..

"තමුසෙ..."

"ජෝක් එකට ආදරෙයි කියලා මෙහෙම නම් ඇත්තට කිව්වොත් ඔයා කලන්තෙ දායිනෙ.."

"තමුසෙට මාව විහිලුවක් ද ගීත්.."

සදෙව්ට රවපු මම බයික් එකට නගින්න හදද්දී එයා මගේ අතින් අල්ලලා නතර කරා..

"වදයක් නොවී ඉදපන්.."

"අම්මෝහ් එක්කෙනෙක්ට ඩෝං ගිහින්නෙ.. කෝ බලන්න මූණ.."

සදෙව්ගෙ අත අහකට තල්ලු කරාත් එයා බලෙන්ම මගේ කම්මුලක් මිරිකුවෙ මම එයාට රවද්දී..

"ඔච්චරටම කේන්තිගන්න දෙයක් මං ඔයාට කිව්වේ නෑනෙ දේව්.."

"අනේ මේහ්.."

"ඇයි ඇයි මොකද ආ.. සද්දෙ දාගෙන එන්න තියාගන්න එපා පුංචි හාමු.. උඹ ඔය මගෙන් කන්න හදන්නේ.."

"දැන් මං බයවෙන්න ඕනද.."

"බය උනාත් කමක් නෑ ඉතිං.."

මං එයාට උත්තරයක් දුන්නෙ නෑ.. බයික් එකේ වාඩි වෙලා දිග හුස්මක් පිට කරලා කොණ්ඩගස් අතරින් අතක් අරන් ගියා..

ඇයි උඹ මට මෙහෙම කරන්නෙ සදෙව්..

එදා වගේම අදත් උඹ මාව පාවිච්චි කරනවා විතර ද..

ඒත් උඹට ඇහුනානෙ සදෙව් රනුක එක්ක කතා කරනවා.. උඹ තාමත් විශ්වාස කරනවාද එදා රෑ මේ කොල්ලා උඹව පොලිසියට අල්ලලා දුන්නා කියලා..

මගේ යටි හිත එහෙම අහද්දී උත්තරයක් නැතුව මං නිහඬ වුණා..

"දේව්.. ඔයා කේන්තියෙන් ද.."

"සොරි දේව්.. මම වැඩිය හිතුවේ නෑ.. ඔ........"

"හිතන්නෙ නැතුව කටට එන හැමදෙයක්ම කියන්න යන්න එපා ගීත්.. උඹට ආදරේ කියන වචනෙ පවා විහිලුවක් උනාට මට එහෙම නෑ.. මම මැරීගෙන ආදරේ කරපු, මාව රවට්ටලා අත් ඇරලා දාපු එකෙක් මගෙ ජීවිතේ අදටත් ඉන්නවා.. කොච්චර අමතක කරන්න උත්සාහ කරාත් මට එයාව.. මං එයාට කරපු ආදරේ මගෙ ඔලුවෙන් අයින් කරගන්න බෑ.."

අයි.ඩී. (Yizhan) Where stories live. Discover now