09📖️

4.6K 883 404
                                    

ජීවිතේට එන තාවකාලික මිනිස්සු සදාකාලික පාඩම් කියලා දෙනවා....

( උපුටාගැනීමකි.. )

එෆ්.බී. එකේ පහළට යන ගමන් මගේ ඇස් නතර උන ඒ වචන කීපෙ මං ආයෙ ආයෙත් කියෙව්වේ කට කොනකට හිනාවක් එද්දී..

හරියට උඹ වගේ සදෙව්..

හරිම ටික කාලෙකට මගේ ජීවිතේට ඇවිත් මගේ මුලු ජීවිතේම උඩු යටිකුරු කරලා උඹ ආයෙත් යන්න ගියේ මට අමතක නොවෙන පාඩමක් කියලා දීලා..

අතේ තිබුණ ෆෝන් එක ඇඳ උඩට විසි කරපු මං ටවල් එක පිටින් බැල්කනි එකට ආවේ මේ වෙද්දී නිවිලා තිබුණ මගේ තේ කෝප්පෙත් තොල් අතරට ලං කර ගන්න ගමන්.. කිරි තේ උනුවෙන් බොන්න මම ආස නෑ.. මද රස්නෙන් එකදිගට බීලා ඉවර කරලා දාන්නයි මට ඕන.. නැත්නම් ඕක නිවන ගමන් බොන්න යන විනාඩි ගාන උනාත් අපරාදෙනෙ..

එහෙම්මම මම මගේ ඇස් ඉස්සරහා ගෙදරට අරන් ගියා.. මාස කීපෙකට කලින් අප්පච්චි අරගෙන දුන්න මේ ගෙදර පදිංචියට එද්දී මම දැනගෙන ඉඳියේ නැහැ ඉස්සරහා තිබුණ ඒ ගෙදර අයිති එයාලාට කියලා.. අමතක කරලා වල දාන්න හදපු ඒ අතීතෙ ආයෙත් මගේ හිතේ හොල්මන් කරන්න පටන්ගත්තෙ හම්බයෙන් සදෙව් ගෙදර මිදුලෙ ඉන්න දැකපු දවසෙ ඉදන්..

එදා ඉදන් හැම රෑකම මං බොන්න පටන්ගත්තේ එයා මට පේන නොපෙනෙන දුරින් ඉදන් හුස්ම අල්ලනවා කියලා දැනගෙන ඉඳපු නිසා වෙද්දී කොච්චර උත්සාහ කරාත් හිත නිදහසේ මට නිදාගන්න බැරි වුණා.. සැරින් සැරේ මගේ හිතට එන ඒ රූපෙ මගේ හිත ඇතුළෙ හොල්මන් කරන්න ගත්තා.. ඒකෙන් උනේ මගේ හිතේ එයා ගැන තිබුණ වෛරය දවසින් දවස වැඩි උන එක විතරයි..

මගේ මායාවී.. උඹ ඇත්තටම මායාවක්ම තමයි..

මං හිනා උනා.. ඒත් ඒ සතුටින් නම් නෙමෙයි..

උඹ විඳවන්න ඕන සදෙව්.. අවුරුදු තුනක් තිස්සේ මම හිතෙන් මැරි මැරී ජීවත් උනා වගේ උඹත් විඳවන්න ඕන..

බලාගෙන ඉඳපන් බොහොම ඉක්මනට මම උඹේ ජීවිතේ අපායක් කරලා නතර වෙන්නෙ..

තාමත් වහලා තිබුණ කාමරේ ජනේලෙ දිහා බලන් එක හුස්මට තේ එක බීලා ඉවර කර මං රූම් එක ඇතුළට ආවේ දැනටම හයහමාර වෙලා තිබුණ නිසා හත වෙද්දී ඔෆිස් එකට යන්න ලෑස්ති වෙන්න බලාගෙන..

අයි.ඩී. (Ongoing)Where stories live. Discover now