11📖️

3.5K 790 316
                                    

"මාව මැරි කරන්න.."

ආදේව් එහෙම කියද්දී මගේ ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු උනේ මම පුදුමයෙන් එයාගෙ දිහා බලාගෙන ඉඳිද්දී..

ආයෙත් තත්පර ගානක් එයා දිහා බලාගෙන ඉදපු මම මගේ අත එයාගෙ නළලින් තියද්දී එයා මගේ දිහා බැලුවේ ඇහිබැමක් උඩට උස්සලා..

"මගේ ඇඟේ එල්ලිලා ඉන්න ඔච්චරටම ආසයි ද.."

එයා කට කොනකින් හිනා වෙලා අහද්දී තමයි මට මතක් උනේ මම තාමත් ඉන්නෙ එයාගෙ ෂර්ට් එක මගේ අතින් මිරිකගෙන කියලා.. එහෙම්මම එයාව අත් ඇරපු මම අඩියක් පස්සට ගත්තෙ උගුර පාදන ගමන්..

"ඇඟේ එල්ලෙන්නම වටින මිනිහානෙ.. මම බැලුවේ තමුන්ටත් උණ ද කියලා.. උදේ පාන්දර පිස්සු විකාර කියවන්නෙ අද ඇඳේ වැරදි පැත්තෙන් ද නැගිට්ටෙ.."

උත්තරයක් නොදී එයා මගේ දිහා බලාගෙන ඉඳිද්දී මට දැනුනේ අපහසුවක්..

"අහ්ම්.. මම යන්න ඕන.."

පුදුම වෙන්න දෙයක් නෑ මේ මනුස්සයාට තාම බඳින්න කෙනෙක් නැත්නම්.. වැටෙන්න යන කෙනාව නැතුව එයාගෙ බයික් එක විතරක් අල්ලගන්න එකෙක් මං මේ දැක්කාමයි.. එයාට රවපු මං බයික් එකත් තල්ලු කරන් එතනින් යන්න හැදුවාත් එයා මගේ අතින් අල්ලලා මාව නතර කරා..

"උත්තරේ.."

"මොන උත්තරේද.."

"මාව මැරි කරන්න කැමති ද නැද්ද.."

"මිස්ටර් ආදේව්.. ඔයාට මාව කවුරු වගේද පේන්නෙ.. ප්ලීස් ඔය වගේ විහිලු කරන්න වෙන කාවහරි හොයාගන්න.. මට ඔයා එක්ක මෙහෙම බොරුවට පාරවල් ගානෙ නාස්ති කරන්න වෙලාවක් නැහැ.."

"බොරුකාරයෙක්.. වංචාකාරයෙක්.. කොටින්ම කිව්වොත් මට තමුන්ව පේන්නෙ පණ පිටින් ඉන්න මිනිහෙක්ගෙ පපුව ඇතුළට අත දාලා හදවත ගලවලා ගන්න පුලුවන් මායාකාරියක් වගේ.. මායාවී.."

මගේ ඇස් දිහා බලන් මුල් වචන ටික කියපු එයා අන්තිමට මායාවී කිව්වේ මගේ කන ළගටම පහත් වෙලා වෙද්දී මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..

දිනුල..

ඇයි දිනුල ළගදි වගේම ආදේව් ළගදිත් මගේ පපුව වේගෙන් ගැහෙන්නෙ.. මීනූ කිව්වා වගේ මෙයාලා දෙන්නාම එක්කෙනෙක් වෙන්න පුලුවන් ද..

අයි.ඩී. (Yizhan) Where stories live. Discover now