12📖️

4.3K 848 247
                                    

"නැන්දා.."

"නැන්දෙ කෝ ඔයා.."

"ලොකූ.. මොකද දරුවෝ මේ ⁣කෑගහන්නෙ.."

මම කෑගහන් ගේ ඇතුළට දුවගෙන යද්දී නැන්දා කුස්සියෙ ඉදන් එලියට ආවේ අතේ පොල්කටු හැන්දකුත් තියාගෙන.. උයන ගමන්ද කොහෙද ඉඳලා තියෙන්නෙ..

"අපේ ඉස්සරහා ගෙදර.. එයා.. ඒ ආදේව් දුනුවිල කියලා ඔයා දැනගෙන ඉඳියා ද..."

මම අහද්දී නැන්දා මගේ දිහා බැලුවේ ඇස් හීනි කරලා..

"කවුරු.."

"ආදේව් අනේ.. ටිකක් ඉන්නකො.."

"මේ මෙයාද.. මෙයාද ඉස්සරහා ගෙදර ඉන්නෙ.."

මම ගත්ත ආදේව්ගෙ පොටෝස් පෙන්නලා නැන්දාගෙන් අහද්දී එයාගෙ මූණෙ ඇඳුනෙ හිනාවක්..

"ඔව් මේ දරුවා තමයි.. හරි ගුණයහපත් සීදේවි කොල්ලා.. කොහෙ උනාත් වැදගත් තැනක දරුවෙක් වෙන්න ඕන.."

"සීදේවි නෙමේ ඕකා හැලයා.."

මම කුටු කුටු ගාලා කියද්දී නැන්දා මගේ දිහා බැලුවේ සැකෙන්..

"මොකා.."

"මොකෙක්වත් නෑ.."

"ඒක නෙමෙයි ඔයාට කොහෙන්ද ලොකූ ඒ දරුවාගෙ පින්තූර.. ඔයාලා දෙන්නා කලින් අඳුරනවාද.."

"ඇයි එයා කිව්වාද මාව දන්නවා කියලා.."

"අනේ නෑ.. ඒ පුතා එහෙම මුකුත් නම් කිව්වෙ නෑ.."

"එහෙනම් මාත් ඒ ගස් ගොබිලාව දන්නෙ නෑ.."

එහෙම කියපු මම ආදේව්ගෙ ⁣පොටෝ එකට රවාගෙන එතනින් යන්න ගියාත් නැන්දා ආයෙත් කියපු වචන මාව ඉදපු තැනම නතර කරා..

"එදා ඔයා අසනීප උන දවසෙ එයා තමයි ඔයාට බෙහෙත් අරගෙන දීලා ගෙදර එක්කගෙන ආවේ.. මට කිව්වා ඔයාට කියන්න එපා කියලාත්.. ඒත් එහෙම හරි නෑනෙ.. පස්සෙ වෙලාවක ගිහින් ඒ දරුවාට ස්තුති කරලාවත් එන්න.."

"මොකක්.."

මගේ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙද්දී මම නැන්දා දිහා බැලුවේ කටත් ඇරන්..

"මොකක්ද ලොකූ ඔයාට වෙලා තියෙන්නේ.. මොකද මේ ගෙදර ආපු වෙලාවෙ ඉදන් යකෙක් දැකලා වගේ කෑගහන්නෙ.."

අයි.ඩී. (Ongoing)Where stories live. Discover now