36📖️

4K 760 1K
                                    

"කවුද ඒයි මේ.. ඔයා කොහෙන්ද මේ කොණ්ඩෙ කූරු කූරු යක්සනීව හොයාගත්තෙ.. එන්න එපා අහිංසකයාට පද හදන්න.. හහ්.. මං හරි හොඳයි.. මලක් වගෙ සුදු පිච්ච.. එච්චරයි.."

කොණ්ඩ කුරුල්ලා මූණ දෙපැත්තෙන් පහලට වැටිලා තිබුණ කොන්ඩ කැරලි දෙකක් කන් පිටි පස්සට දාගන්න ගමන් කියද්දී මම ඌට රවලා ආදේව් දිහාට හැරුනේ එයා බය වෙලා වගෙ මාරුවෙන් මාරුවට මගෙ දිහායි බිම්මලා දිහයි බලද්දී..

"දේව්.."

"තවුසෙ මොකද යක්සනියෙ මගෙ හාමුවාට දේව් කියන්නේ.."

"මගෙ හාමුවා..? හාහ්.. මගෙ මිනිහා කවදා ඉදන් ද ඕයි උඹෙ හාමුවා උනේ.."

"මේ බලන්නකො ඒයි මෙයා.. අපි වැලිකෙලියෙ පටන් එක කලිසම දෙකට බෙදන් ඇඳපු පෙම්කෙලියෙ මිතුරන්.. අලුතින් ආපු අයට මෙතන ඉඩ නෑ.. යන්න ඔයා යන්න.."

ඒකා මට පේන්නම දේව්ගෙ අතේ එල්ලෙද්දී මගෙ හිතේ ඇති උනේ නොරිස්සුමක්..

මොන පිස්සු හුත්තෙක්ද මේ..

"දැන් උඹ එහෙමද.."

"ඔව් එහෙම තමයි.. තවුසෙ මට මොනවා කරන්නද.. හව් සෑඩ් වෙරි බෑඩ්.. ඔයා කොහෙන්ද ඒයි මේ යක්සනී හොයාගත්තෙ.. මේකට කරගැහුවොත් ඔයාලාගෙ අර ඉලව්වෙ මහ නිළමෙටයි මැණිකෙලා ටිකටයි ගෞරවයෙන් බුදුසරණයි.. උන්ට කන්න වෙන්නෙ බත් නෙමේ.. වහ..."

"අනේ මේ පිච්චමලෝ උඹ කටවහන් ඉදපන්.. වහ නෙමෙයි මං උන්ට කවන්නෙ නියගලා අල තම්බලා.."

"එක්ස්කියුස් මී.. මගෙ නම පිච්චමලා නෙමෙයි සපුමල්.. සපුමල් දෑසමන් පිච්චවිතාන.. ලංකාවටම එකයි.. ඒ මං විතරයි.."

"ඔව් කොහොමත් උඹ වගේ එකෙක් ඉඳියාම ඇති මේ රටටම.. පිස්සු හු##.."

"වාආට්ට්... ආදේව්.. ඔයාට ඒක ඇහුනාද බබී.. ඔයාගෙ මේ කොන්ඩෙ කූරු යක්සනී මට බෑඩ් වර්ඩ්ස් කියනවා ඒයි.."

බිම්මලා දේව්ගෙ උරේ බදාගෙන දුක් ගැනවිලි කියවන්න පටන්ගත්තා..

"මිස්ටර් ආදේව් කෞෂික් දුනුවිල.. මට මෙතන වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරනවාද.."

අත් දෙක බැඳගෙන මම ඇහිබැමක් උඩට උස්සලා දේව්ගෙන් අහද්දී එයා උගුර පෑදුවා..

අයි.ඩී. (Yizhan) حيث تعيش القصص. اكتشف الآن