28📖️

5K 882 1K
                                    

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස....

එයාගෙ කටහඬ වලව්වෙ අස්සක් මුල්ලක් නෑර පැතිරෙද්දී නැවතිලා ඒ දිහා බලන් ඉදපු මම ආයෙත් කාමරේ ඇතුළට යන්න හිතන් ඉස්සරහට අඩියක් තිබ්බාත් මොකක්දෝ මන්දා හේතුවකට මගෙ යටි හිත මට කිව්වෙම ගිහින් එයාත් එක්ක බුදුන් වැදපන් කියලා වෙද්දී මං ගිහින් ආදේව්ගෙ එහා පැත්තෙන් හිටගත්තා..

පත්තු කරපු හඳුන්කූරු වල සුවඳ මගෙ නහයට දැනෙද්දී මම ගාථා කියන ගමන් දැල්වෙන පහනෙ තිරේ දිහා බලාගෙන කල්පනා කරා..

උප්පලවණ්ණා මෑණියො සනීපෙන් ඉන්නවා ද දන්නෙ නෑ..

දවස් කීපෙකින් මට පන්සල පැත්තෙ යන්නත් බැරි වුණානෙ..

තව ටික දවසයි.. ආයෙත් ගිය ගමන් මම උප්පලවණ්ණා මෑණියොන්ට සිද්ද උන හැමදෙයක්ම හොයන්න ගන්නවා.. අන්න එදාට තේව් වාසලබණ්ඩාර මෙච්චර කාලයක් දාගෙන ඉදපු වෙස් මූණ රටක් ඉස්සරහා ගැලවිලා යයි..

මගේ උඩු හිත එහෙම කිව්වාත් යටිහිත කිව්වෙම තේව් කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා වෙද්දී ආදේව් ගාථා කියන හඬින් කල්පනා ලෝකෙ ඉදපු මම ආයෙත් පියවි සිහියට ආවා..

දේව්ව දැකපු පළවෙනි දවසෙ මට නිකමටවත් හිතුනෙ නැහැ එයාගෙ මෙහෙම පැත්තකුත් ඇති කියලා.. මොනවා උනාත් මෙහෙම වඳිද්දි නම් එයාගෙන් පෙනුනෙ හරිම නිවුන ගතියක්.. ඒත් ඉතිං ඇත්ත යකාගෙ හැටි දන්නෙ මමනෙ..

ඔලුව පැත්තට හරවලා එයා දිහා බලපු මගේ මූණට හිනාවක් එද්දී දේව් ගාථා කියලා ඉවර කරා..

"වඳින්න ද ආවේ නැත්නම් මගේ දිහා බලාගෙන ඉන්නද.."

"කවුද ඔයාගෙ දිහා බැලුවේ.."

"බුදු හාමුදුරුවෝ ඉස්සරහා ඉදන් බොරු කියනවාද.."

එයා ඇහිබැමක් උස්සලා අහද්දී මං කට ඇද කරගත්තා..

"හරි ඉතිං මිනිස්සු උනාම ලස්සන දේවල් අගේ කරන්න ඕනනෙ.."

"ඒ කියන්නේ මම ලස්සනයි.."

"මං තරම් නෑ.."

මම ඇඟට පතට නොදැනී අත් බැඳගෙන උත්තර දුන්නා උනාත් ඒ කට කොනේ ඇඳුනෙ හිනාවක්..

අයි.ඩී. (Ongoing)Waar verhalen tot leven komen. Ontdek het nu