01📖️

21K 1.1K 714
                                    

අහස උසට නැගුන ගොඩනැගිලි , තරු පන්තියෙ හෝටල් වගේම මං තීරු අලංකාර කරන විදුලි බුබුළු කොළඹ සුරපුරයක් මවද්දි මුඩුක්කු පැල්පත් අඩු ආදායම්ලාභීන්ගෙ තට්ටු නිවාස මිහිපිට අපාය මොන වගේද කියලා මිනිස්සුන්ට පෙන්නලා දුන්නා..

ඉතිං මම කවුද කියලා කියන්න කලින් මම ඔයාලාව එක්කගෙන යන්න හදන්නේ මේ කොළොම්පු⁣රේ කවුරුත් නොදැකපු , දැක්කාත් නොදැක්කා වගේ අහක බලපු ඒ අපාය මොන වගේද කියලා පෙන්නන්න..

මේ වනාතමුල්ල..

වනාතමුල්ල කියපු ගමන් කාට උනත් මතක් වෙන්නෙ මීට අවුරුදු විසි ගානකට කලින් මෙහේ පැල්පත් නිවාස වල ඇති වෙච්ච ගින්න වෙද්දී සමහරු නම් කිව්වේ ඒ ගින්න ඉබේම ඇති උන එකක් කියලා උනාත් තවත් සමහරු ඒක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා කිව්වා.. ඇත්ත මොකක් උනාත් එදා ඒ ගින්නෙන් කාටවත්ම ජීවිත නැති උනේ නෑ වගේම ගින්න නිසා ගෙවල් නැති උන හැම කෙනෙක්ටම එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඉදලා ඊලග ඡන්දෙන් ඇමති පට්ටමක් අරන් ඊටත් අවුරුදු ගානකට පස්සෙ රටේ මහ පුටුවට ගිය ප්‍රබල දේශපාලන චරිතයක් මේ තට්ටු නිවාස සංකීර්ණය හදලා දුන්නා..

එක කොටසකට ඒ විදිහට තට්ටු නිවාස සංකීර්ණයක් ලැබෙද්දී අදටත් එකට එක යා උන පැල්පත් නිවාස පිරුන වනාතමුල්ල ග්‍රාමසේවක කොට්ඨාසෙටම අයිති උන සිංහල දෙමළ මුස්ලිම් පවුල් හයසීයකට ආසන්න ගානක් ජීවත් වෙන 'හල්ගහකුඹුර වත්ත' තමයි මේ තියෙන්නෙ..

හල්ගහකුඹුර කාලෙකට කලින් කොළඹ තිබුණු සරුසාර කුඹුරු යායක් වෙද්දී 1965 අවුරුද්දෙන් පස්සෙ මෙතනට සතොසෙ වගේම වෙනත් සුපර් මාකට්වල කුණු ගෙනත් දාන්න පටන්ගන්නවා.. ඔය විදිහට නරක් වෙච්ච අල, ලූනු, කල් ඉකුත් වෙච්ච හාල්, පරිප්පු ලොරි ගණන් ගෙනත් හලද්දී දවසින් දවස කුණු එකතු වෙලා ටික කාලයක් යනකොට හල්ගහකුඹුර මහ කුණු ගොඩක් වෙනවා.. ඒ අතරෙදි තමයි මේ කුණු ගොඩේ ඉස්සරවෙලාම දෙමළ මිනිස්සු හොරාට පැල්පත් අටවගන්න පටන්ගන්නෙ.. ඒ කාලේ කොළඹ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් වෙච්ච සෙල්වසාමි තමයිලු මෙතන දෙමළ මිනිස්සු පදිංචි කරන්න මූලිකත්වය ගත්තේ.. අන්තිමේ ආණ්ඩුව පැල්පත් කඩන්න හදනකොට සෙල්වසාමි ඩෝසරේ ඉස්සරහා නිදාගත්ත නිසා එතැනින් ගෙවල් කඩන එක නතර වෙලා තියෙනවා.. මේ වෙනකොට අක්කර පහළොවක් විතර ගොඩකරලා හදපු ගෙවල් දෙසීය පනහකට වැඩිය මෙහේ තියෙද්දී ඒ ගෙවල්වල පවුල් හයසීයකට වැඩි ගානක් ජීවත් වෙනවා..

අයි.ඩී. (Ongoing)Onde histórias criam vida. Descubra agora