06📖️

3.6K 726 353
                                    

'අවදි වනු අභීර..'

'නුඹ විසින් සිදු කළ යුතු බොහෝ දෑ තවමත් ඉතිරිව පවතිනවා..'

'එලෙසම හොඳින් සිහි තබා ගනු මිතුරන් නුඹෙන් දුරස් කලත් සතුරන් නුඹ අසලම තබා ගත යුතු බව..'

හිත ඇතුළෙන් ඇහුන ඒ කටහඬත් එක්ක හයියෙන් හුස්ම ගන්න ගමන් මං ඇස් ඇරියෙ ඒත් එක්කම වටපිටාවෙන් කලබලෙන් කතා කරන කටහඬවල් ඇහෙද්දී වෙද්දී මගේ පපුවෙන් මට ඉවසන්න බැරිතරම් වේදනාවක් දැනෙන්න ගත්තා..

"අ..ම්...මා..."

වේදනාව දරන්න බැරි තැන මගේ ඇස් අගින් කඳුලු ගලද්දී අමාරුවෙන් මං වචන ගැලපුවා..

"අම්මා ඉන්නවා රත්තරන්.. අම්මා මගේ පුතූ ළඟම ඉන්නවා.."

කවුරුහරි මගේ අතින් අල්ලන් කියනවා ඇහුනාත් බොඳ උන ඒ රූපෙ මට පැහැදිලිව පෙනුනේ නෑ.. මට එයාට කතා කරන්න ඕන වුණා.. මාව දාලා යන්න එපා කියන්න ඕන වුණා.. ඒත් ආයෙත් වතාවක් හැමදෙයක්ම නිලංකාර වෙලා යනවා දැනෙද්දී මං ඒ අත තද කරලා අල්ලගන්නවා විතරයි මට මතක තිබුණේ..

"ආදේව්.."

"තාත්තා.."

"දැන් කොහොමද ඔයාට.."

"කියන්න තරම් ලොකු අවුලක් නෑ.. ඒත් හිටි ගමන් තුවාලෙ කැක්කුමයි.."

එදා වෙඩි වැදිලා පාලමෙන් පහළට වැටුන මාව බේරගත්තෙ කවුද කොහොමද කියන්න මම දැනගෙන ඉඳියේ නැහැ.. තාත්තා මට කිව්වෙ මං දවස් ගානක් සිහි නැතුව ඉඳියා කියලා විතරක් වෙද්දී එයා කියපු විදිහට හැමෝම දැන් හිතාගෙන ඉන්නෙ මම මැරුණා කියලාලු..

"කොහොමත් තුවාලෙ හොඳටම හොඳ වෙන්න තව කාලයක් යයි.. එතකන් ඔයා රෙස්ට් කරන්න.."

කොල පාට සරමට ලා නිලට හුරු ෂර්ට් එකක් ඇඳලා කොන්ඩෙ පිලිවෙලකට පීරලා ඉඳපු තාත්තා කියද්දි මං එයා දිහා බලාගෙන ඉඳියා.. වත්තෙ කෑගහලා බේබද්දෙක් වගේ හැසිරුන තාත්තා අද කොහොමද මේ තරම් වෙනස් වෙලා තියෙන්නේ.. කතාබහ හැසිරීම හැමදෙයක්ම වෙන මනුස්සයෙක්ගෙ වගේ වෙද්දී මං මගේ ඇස් කාමරේ පුරා අරගෙන ගියා.. මේ කොහෙද.. බැලූ බැල්මට මේක වලව්වක් වගේ..

අයි.ඩී. (Yizhan) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें