02📖️

5.7K 931 624
                                    

'ප්ලීස් මෙහෙම කරන්න එපා තේව්..'

'ඔයා ඔහොම නපුරු නෑනෙ අයියේ..'

'තේව්..'

'එපා තේව්.. අනේ මට මෙහෙම කරන්න එපා.. අපේ ද.....'

"තේව්ව්..."

කෑගහගෙන ඇඳ උඩ වාඩි උන මම වේගෙන් හුස්ම ගත්තෙ මගේ පපුවට අතක් තියාගන්න ගමන් වෙද්දී මට එහෙම්ම බිත්තියෙ එල්ලලා තිබුණ ඔරලෝසුව දිහා බැලුනා..

පාන්දර 4.45 යි..

මොන හේතුවක් නිසාද කියන්න නොදන්නවා උනාත් සතියට දෙතුන් වතාවක්ම කොච්චර තද නින්දෙ ඉඳියාත් හීනෙන් බය වෙලා මේ ටයිම් එකට මට ඇහැරෙනවා..

ඒත් ඇයි මං අද කවදාවත් නැතුව තේව් කියලා කෑගැහුවේ.. අනික මට ඇහුන ඒ කටහඬ කාගෙද..

උත්තරයක් නැති ප්‍රශ්න කීපයක් හිත ඇතුළෙ ඉතුරු වෙද්දී අත් දෙකෙන්ම මූණ පිරිමැදපු මං ඇඳෙන් බැහැලා බාත්රූම් එකට ගිහින් සීතල වතුරෙන් මූණ තෙමාගන්න හිතාගෙන..

මම ඕනාවට වැඩිය ඒ දෙන්නාගෙ කතාව මගේ ඔලුවට දාගෙන ද කොහෙද.. ඒකනෙ හීනෙනුත් තේව්වම පේන්නෙ..

දැන් ඉතිං ආපහු නින්ද යන එකකුත් නෑ..

ෂිට් මොන කරුමයක්ද මන්දා.. කොච්චර රෑ වෙනකම් ඇහැරිලා ඉඳියාත් මම අකමැතිම දෙයක් තමයි මෙහෙම අවේලාවෙ නැගිටින එක..

දිග හුස්මක් පිට කරපු මං මගේ කාමරෙන් එළියට ඇවිත් මල්ලිගෙ කාමරේට ඔලුව දාලා බැලුවා.. කොල්ලා තාම නිදි.. තව ටිකක් නිදාගන්න දීලා හයට විතර ඇහැරවනවා.. නැත්නම් අදත් ස්කෝලෙ කට් කරන්න බලයි.. එයා ළඟට ගිහින් ඔලුව අතාගාන්න හිතුනාත් මං ආයෙත් හැරිලා කුස්සියට යන්න ගියා..

සවීන් මට ඉදපු මගේ එකම මල්ලී.. අම්මායි අප්පච්චියි නැති උනාට පස්සේ එයාගෙ සම්පූර්ණ වගකීම පැවරුනේ මට වෙද්දී ඒ අඳුරු අතීතෙ මතක් වෙද්දී අදටත් මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙන්න ගන්නවා..

මගේ අම්මායි අප්පච්චියි නිකන් මැරුනෙ නෑ..

මං වගේම පත්තරේ වැඩ කරපු එයාලාව උන් අමු අමුවේ මගේ මල්ලීගෙ ඇස් ඉස්සරහා මරලා දැම්මා..

අයි.ඩී. (Ongoing)Where stories live. Discover now