21📖️

4K 756 606
                                    

"අහස අඳුරුයි.. හඳ නැත්තෙ මොකද මන්දා..."

එයාගෙ ෂර්ට් එකේ අන්තිම බොත්තමත් අල්ලන ගමන් නිකමට වගේ මම ඇරලා තිබුණ ජනේලෙන් එලිය බැලුවා..

"හැම කලුවර රෑකම හඳ පායන්නෙ නෑනෙ.. අනික අමතක උනාද දැන් ටිකකට කලින් වැස්සා කියලා.. හැබැයි මෙහෙමයි.. ඔයාට හඳ බලන්න ඕන නම් ඒකටත් මගේ ළඟ ක්‍රමයක් තියෙනවා.."

ආදේව් කියද්දී මම එයා දිහා බැලුවේ කුතුහලයෙන්..

"ඒ කොහොමද.."

"ඕක ඉවර කරන්නකො.. ඊට පස්සේ කියන්නම්.."

අනේ මන්දා.. මෙයාව නම් වෙලාවකට තේරුම්ගන්න හරිම අමාරුයි.. මුල් දවස් වල මාව පෙන්නන්න බැරුව ඉදපු හාමුවානෙ ඉතිං මේ දැන් මට කියලා ෂර්ට් එකේ බොත්තමුත් අල්ලවගන්නෙ.. තත්පර දෙක තුනක් මුකුත් නොකියා එයා දිහා බලාගෙන ඉදපු මම ඔලුව දෙපැත්තට හොලවලා ආයෙත් බොත්තම අල්ලලා ඉවර කරේ එහෙම්ම එයා මාව කාමරේ තිබුණ කණ්ණාඩි මේසෙ දිහාට හරවද්දී..

"අර පේනවාද.. මං කියපු හඳ.."

"ඒ හඳේ ලස්සන වැඩිපුරම පේන්නෙ එයා හිනාවෙද්දී.."

ආදේව් කණ්ණාඩියෙන් පේන මාව පෙන්නලා කියද්දී මට සද්දෙන් හිනා ගියා..

"ඔයාට පිස්සු.."

"හ්ම්.. සමහරවිට වෙන්නත් ඇති.. ඒත් ඔයා දන්නවා ද සමහර මිනිස්සු ඉන්නවා එයාලාගෙ එක හිනාවකින් මිනිස්සු දාහකගෙ හිත් පිරෙනවා.. හරියට ඔයා වගේ.. ඔය හිනාවම මගේ හිත නිවන භාවනාවක්.."

එයා හෙමින් මුමුනලා කිව්ව ඒ වචනත් එක්ක කියාගන්න බැරි හැඟීම් ගොඩක් ඇතුළෙ මාව හිර වෙද්දී මං කණ්ණාඩියෙන් පේන අපි දෙන්නාගෙ රූපෙ දිහා බලන් ඉඳියා.. වයසින් මට වැඩිය බාල උනාට මොකද එයා පෙනුමෙන් මට වැඩිය උස මහතට ඉඳිද්දී අපි කලිනුත් මෙහෙම ඉඳලා තියෙනවා වගේ හුරුවක් මට දැනෙන්න ගත්තා.. ඒත් එහෙම වෙන්නෙ කොහොමද..

"මොනවාද ඔච්චරටම කල්පනා කරන්නෙ.."

"ඔයාට හිතෙන්නේ නැද්ද මේ දේ මේ විදිහටම මීට කලින් දවසක මෙහෙම්ම සිද්ද වෙලා තියෙනවා කියලා.."

"ම්හු.. නෑ.. ඇයි ඔයා එහෙම කිව්වෙ.. අනික එහෙම උනා නම් ඔයාටයි මටයි ඒ ගැන මතක තියෙන්න ඕනනෙ.."

අයි.ඩී. (Yizhan) Where stories live. Discover now