30📖️

5.1K 883 354
                                    

බීප් බීප්....

පෝටිකෝව ඉස්සරහා අත්වැටට හේත්තු වෙලා කල්පනා ලෝකෙ අතරමං වෙලා ඉදපු මම හරි සිහියට ආවේ මගේ ෆෝන් එක වයිබ්‍රෙට් වෙන සද්දෙන් වෙද්දී කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අතට ගත්තාත් ආපු මැසේජස් සවීන්ගෙන් කියලා දැකපු ගමන් මම ආපස්සට ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..

අවුරුදු ගානක් උඹත් එක්ක එකට උස්මහත් උන.. මහන්සිය අමතක කරලා උඹට ලස්සන ජීවිතයක් හදලා දෙන්න රෑ දවල් නොබලා දුක් විඳපු මගේ එක වචනෙකට වැඩිය උඹට උඹ ඇස් වලින් දැකපු දේ විශ්වාස උනානෙ මගෙ මල්ලී..

ඒ නිසා තවත් අපි මොනවා කියලා කතා කරන්නද..

උඹ උඹේ පාරෙ පලයන්..

මං මගේ පාරෙ යන්නම්..

කරදඬු උස්මහත් උනාට පස්සෙත් උඹට උඹේ වියදම් තනියම් දරාගන්න නොදීපු මගේ අතේ තමයි වරද..

මට බර හුස්මක් පිට වුණා..

කොච්චර හිනා වෙලා ඉන්න උත්සාහ කරාත් මොන විදිහකින් හරි මගෙ හිතේ සැනසීම නැති වෙලා යනවා..

ඒ අතරෙ ටිකකට කලින් දේව්ගෙ සීයා කියපු දේවලුත් හිතට එද්දී මම අතින් නළල මිරිකගත්තෙ ආපහු වලව්ව ඇතුළට යන්න හිතාගෙන උනාත් මගේ දිහාට ෆෝන් එක අල්ලගෙන ඉන්න ආදේව්ව දැකලා මං ගැස්සුනා..

"මොනාද කරන්නෙ.."

"මොනවා කරා වගේද පේන්නෙ.."

"දේව්.. ඒක ඩිලීට් කරන්න.. කවුද ඔයාට හොරෙන් මගේ පොටෝස් ගහන්න අවසර දුන්නෙ.."

එයා ළඟට ගිය මම ෆෝන් එක උදුරගන්න හැදුවාත් එයා මට ගන්න බැරි විදිහට අත උඩට ඉස්සුවා..

"එක.. මම හොරෙන් පොටෝස් ගත්තෙ නෑ.."

"එතකොට දෙක.. මගේ අයිති දේවල් වල පොටෝස් ගහන්න මට කාගෙන්වත් අවසරයක් මොකටද සුදු මැණිකෙ.."

දේව් මට ඇහැක් ගහලා හිනා වෙද්දී මම එයාගෙ ෂර්ට් එකේ එල්ලුනේ කමිසෙ උඩ බොත්තම් තුනම ගැලවිලා යද්දී..

ගැලවුන කමිසෙ අතරෙන් එයාගෙ දෙකට බෙදුන සුදු පපුව වගේම ටැටූ එක පෙනෙද්දී දෙසැරයක් නොහිතාම මං ආයෙ වතාවක් ඒ පපුවට මගේ තොල් තද කරා..

අයි.ඩී. (Ongoing)Tahanan ng mga kuwento. Tumuklas ngayon