"හ්ම් හ්ම් යමන්"

තෙහස් ෂෙවෝන්ගේ අතේ තිබුණ වතුර බෝතලේ දිහා බලාගෙන හිනාවෙලා යමන් කියලා කිව්වහම මං තෙහස් දිහත් හොර ඇහෙන් බලලා ෂෙවෝන් දිහත් හොර ඇහෙන් බලලා මේ මුකුත්ම නොතේරුනු තැන උන් දෙන්නගේ පිටිපස්සෙන් හිමීට් ඉස්සරහට ඇවිදගෙන ගියා..

අපි තුන්දෙනා පිට්ටනියට යනකොට හිමාෂයා ඉන්නවා බෝලයක් බදාගෙන ස්ටේජ් එකේ පඩියක් උඩ ඉදගෙන.. ඌ අපිව දැක්කට පස්සේ අතේ තිබ්බ බෝලෙත් අරගෙනම ඉදන් හිටිය තැනින් නැගිටලා අපි දිහාට ඇවිදගෙන ආවේ ප්‍රැක්ටිස් වෙලාවට පිට්ටනියට යන එක ළමයින්ට තහනම් දෙයක් වෙලා තිබුණ නිසයි..

"ඒ ටිකට උඹ බඩ උනාද යකෝ.."

ඌ බඩදරු අම්මා වගේ අර බෝලෙත් බඩට තදකරන් අපි දිහාට ඇවිදන් ආවම මං තෙහස් ඉස්සරහම මගේ බ්‍රේක් නැති කටෙන් එහෙම කිව්වම තෙහසුයි ෂෙවෝනුයි දෙන්නම පිටිපස්සට හැරිලා මං දිහා බලලා ආයෙම හිමාෂයා දිහත් බලලා මුන් දෙන්නම හෙන හයියෙන් හිනාවෙන්න ගත්තා..

"අඩෝ අඩො ඇත්ත කියපන්..? උබ බඩඋන නිසා ටීම් එකෙන් උබව පැන්නුවා නෙහ්..?"

යකෝ තෙහස්!!! මං ඇස් දෙක ජිල් බෝල සයිස් කරගත්තේ මේ සතියටම ඔයවගේ කඩප්පුලි කතාවක් තෙහස්ගේ කටෙන් පිටවෙච්ච පලවෙනි වතාව මේක නිසා.. මං විතරක් නෙවේ අරුන් දෙන්නත් ඇස් ලොකු කරන් බඩ අල්ලන් හිනාවෙන තෙහස් දිහා බලන් හිටියේ පුදුමෙන්.. අනේ දෙයියනේ චූටිපුතාව ආස්‍රේ කරලා සුදුකුමාරයා නරක් වෙලාවත්ද.. ඉහි ඉහි චූටිපුතාට සමාවෙන්න..

ඒත් ඒ හිනාව.. උඹලට කියන්න බන් උට තිබුණේ කෙනෙක්ට හරිම කලාතුරකින් පිහිටන හතරැස් හිනාවක්.. දකින ඕන කෙනෙක් දෙපාරක් නෙවේ දහපාරක් ආයේ ආයේම හැරිලා බලන විදිහේ ලස්සන හිනාවක් උට තිබ්බේ.. ඌව අදුරගත්තත් හරි මං මේ හිනාව දකින තුන්වෙනි වතාව..!

එක දවසක් ඉස්කෝලේ ඇරිලා අපි සිසු සැරිය එනකන් එලියට වෙලා ඉද්දි එතනට ආපු පුංචි බලු පැටියෙක්ට තෙහස් කාලා ඉතුරු වෙලා තිබුණ බත් එක දුන්නහම ඒ පැටියා සටපට ගාල නැට්ටත් වන වන බත් එක කන දිහා බලන් ඉන්න ගමන් තෙහස් මේ විදිහටම හරි ලස්සනට හිනා උනා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now