මේ වෙද්දි මගේ හිතේ තෙහස් ගැන තිබ්බ ජිංගිබිරිස් එක ශෙවෝන්ට මම කියලා තිබ්බා වගේම ශේවෝන්ගේ හිතේ හිමාෂ ගැන තිබ්බ ජිංගිබිරිස් එකත් දවස්ක් ඌම මට කිව්වා..

හොදේ කියන්නේ අපේ ශෙවෝනයට තිබ්බා ඕන එකෙක් කතාවෙන් අල්ලගන්න පුලුවන් රමණීය හැකියාවක්.. ඔන්න ඕකට පින් සිද්ධ වෙන්න මේ නර ප්ණුවා කතාවෙන් කතාවෙන් හිමාශයව ගානට ලයින් කරගෙන තිබුණා.. මේකා අරූට මොන ගුලියක් අඹරල කැව්වද මන්දා දවස් දෙකක් ගියේ නෑ හිමාශයා කෙලින්ම අපේ ඩෙස්ක් පේළියට සෙට් වෙලා ශෙවෝනයගේ එහාපැත්තෙන්ම ඇවිත් ඉදගත්තා.. අනේ ඉතින් මගේ සුදුකුමාරයාත් මරන්න ගෙනියන හරකා වගේ... අරූ අපේ ඩෙස්ක් පෝලිමටම ඌවත් ඇදන් ආවත් පොර ආවේ ඒතරන් කැමැත්තෙන් නම් නෙවේ.. ඒකෙන් මෙකෙන් උනේ අපි හතර දෙනා කල්ලි ගැහුන එක..

ආ.. අර බොත්තමේ කේස් එකත් මං අපේ නැන්දට කියලා විසදගත්තා.. එදයින් පස්සේ ආයේ මගේ ශර්ට් එකේ බොත්තම් ලෙප්ට් උනේ නැ..

තෙහස් කා එක්කවත් ලොකුවට කතාබහ කරන්න නොයන කෙනෙක් උනත් ඌ ටික ටික අපි එක්ක සෙට් වෙද්දි සමහරවෙලාවට උගේ කටට බ්‍රේක් නැ! තෙහස් ගැන කිව්වොත් මූ හෙන ලොකුකමෙන්,අහංකාරකමෙන් ඉන්න දක්ශ කොල්ලෙක්.. හැබැයි ඌ අපි ඉස්සරහ පට්ටම ආතල් පොරක්..

මට කොච්චර උගේ අම්මට තාත්තට මොකද උනේ කියලා අහන්න ඕන උනත්,මං ඇහුවේ නැත්තේ උගේ හිත රිදෙයිදෝ කියන බයට..

කොහොමහරි මේ සතිය ඇතුලත අපි හතරදෙනා හොදම යාලුවෝ උනා..!

අදත් මම හිටියේ බස් එක නවත්තන හෝල්ට් එකට වෙලා.. ම්ම් දන්නවත දැන් චූටිපුතා හරී ආසයි ඉස්කෝලේ යන්න.

6 ට හෝල්ට් එකට එන බස් එකට නගින්න 5.45 ඉදන් තැපගෙන ඉදලා හාමත් උන තැන මං ශේප් එකේ හෝල්ට් එකේ ගහලා තිබ්බ බංකුවකින් වාඩි උනා..

එකපාරම කොහෙදො නැති වතුර තිබහක් ලෝඩ් මට උනත් බොන්න වතුර එකක් මං ගාව තිබ්බේ නෑ.. ඉලන්දාරි කොල්ලො, කෙල්ලො වගේ වතුර බෝතල් අරන් යන්නෑනේ ඉහි ඉහි ස්මයිල් ඉන් පේන් ගිනිකාගෙන...

තොගෙ කොමලෙ පැත්තකට දාලා වතුර එකක් අරන් පලයන් හසරැල් කියලා නැන්දා හැමදාම කියන වචන ටික මගෙ කන් ඇතුලේ භ්‍රමණය වෙද්දි ඈත වංගුවෙන් මතු වුණු සුදුකුමාරයා රැගත් මන්දගාමී බස් රථය ගාට ගාට හෝල්ට් එකට ආවා..

Bloody Moon - Taekook NonficDär berättelser lever. Upptäck nu