මං අර පෝලිමක ඉදගෙන මටම හිතින් දෙස් දෙවොල් තිය තිය පෝලිම ඉස්සරහට යද්දි අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමන් හිටියේ..

"මොනාද කරන්නේ බෑග් එක පෙන්නලා මනෝපාරවල් ගහපන් මෙතන තව ළමයි ඉන්නවා!!"

එකපාරටම ඇහුණු ටිකක් රළු කටහඬක් මාව පියවි සිහියට ගත්තා..

මට වඩා ටිකක් උස, උසේ ගානට මහත තියන රළු පෙනුමක් තිබුණ අයියා කෙනෙක් මගේ ඉස්සරහ හිටන් හිටියේ.. පොරගේ කමිසේ වැහෙන්නම එක එක ජාතියේ පදක්කම් තිබුනේ.. යකෝ මෙතන නැති පදක්කමක් නෑනේ... පරිසර සංගමේ පදක්කම්,ශිෂ්‍ය පාර්ලිමේන්තු පදක්කම්, ක්‍රීඩා පදක්කම්...

මං උගේ ඇඳුමේ තිබුණ පදක්කම් එකින් එක බල බල උඩට ගියාම දැක්කේ...

යකොව් ප්‍රධාන ශිෂ්‍ය නායක පදක්කම බැබලි බැබලි ශර්ට් එක උඩම දිස්නේ දෙනවා... මට ලොකු කෙළගුලියක් ගිලුනත් එහා පැත්තේ හිටපු මොකෙක් හරි එකෙක් මගේ බෑග් ඇදල ගත්තයින් මං ටක්ගාලා ඌ දිහා බැලුවා!

ජෙයියනේ ජෙයියනේ සුදුකුමාරයා!! තෙහස් කාරයා මගේ බෑග් එක චෙක් කරනවා.. හහ් මොනාත දන්නෑ බිංකුණ්ඩා වගේ හොම්බ බෑග් එක ඇතුලට දාගෙන හොයන්නේ!! මේවට තමා මට...

ඉතුරු ටික හිතන්න හම්බුන්නෑ මූ බැග් එකෙන් මගේ මූනටම දමලා ගහලා කලබලෙන් වගේ මගේ පපුව පුරා ඒ දුඹුරු ඇස් දෙක දිවවෙව්වා.. මාව නිකන් දියවෙනවා වගේ හැගීමක් එක්ක ලැජ්ජාව බාල්දියෙන් එකක් වෙද්දි මං උටත් ගස්සගෙනම බෑග් එකත් අරන් එතනින් එන්න ආවා.. සුවර් එකට බොත්තම ඇරිලාද කියලා බලන්න ඇත්තේ!! මූ නම් මහ මොකෙක්ද මන්දා අපතයා!!

මං පන්තියට යද්දි ෂෙවෝනයත් ඇවිත් හිටියා.. ඕපදූපත් කියවලා ඊට විනාඩි දහයකට වගේ පස්සේ බෙල් එක ගැහුව නිසා අපි හැමෝම කට්ටිය ගාල කඩාගත්ත හරක් රැල වගේ පිට්ටනියට දුවන්න ගත්තේ ටිකක් හරි පරක්කු උනොත් ලැබෙන ගුටි පූජාව ගැන ඊයේ මදූ මිස් අපිව දැනුවත් කරපු හින්දායි..

උසේ පිලිවලට පෝලින් ගැහියල්ලා කියලා අංශභාර සර් ගිරිය කඩාගෙන කෑ ගහන නිසා මුන් ටික එක එකාගේ උස මයින්න ගත්තා! කොහොම හරි ළමයි සෙට් එක උසේ පිලිවට පෝලින් ගැහිලා පන්සිල් ගන්න පටන් ගත්තා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now