කෛලාශිනී

288 27 3
                                    

"මොකක් නවත්තන්න?! No never !  තමුන් මට කොච්චර පගා දුන්නත් මන් මේක නවත්තන්නෙ නෑ !!"

මුලු ශ්‍රැන්ගීලා එකම දෙවනත් වෙන්න පොඩි කෙල්ල කෑ ගැහුවෙ වටේ හිටිය ගාර්ඩ්ස්ලා දැඩි වෙද්දී

" එහෙනම් ඔයාට කියන දේ තේරෙන්නෙ නෑනෙ"

"නෑ තමා ! මේ මැඩම් මන් තමුන් කව්ද කියලනම් දන්නෙ නෑ ඒත් කොහෙන් ආපු හයියකටද මගෙ project  එක නවත්තන්න කියන්නේ අහ්හ්!! "

" ......."

"මේක හොදට අහගන්න මැඩම් . මන් කවදාවත් පටන් ගත්ත දෙයක් නවත්තන්නෙ නැ . so please let me go!"

කෙල්ල නැගිටලා යන්න හැදුවට යන්න බැරි උනෙ පුටුවෙ හිටිය කෙනා නැගිට්ට නිසා 

" මන් කියන්නේ තමුන්ගෙම හොදට . මීට කලින් ඔය project එක බාර උනෙ colombo university එකේ third year  batch top උන මිනොලි නෙත්සරා ඒකනායක කියන කෙනාට ! හරියටම අවුරුදු 20කට කලින් එයා මැරුනා ! ඒකත් හදුනා නොගත් මළ සිරුරක් විදිහට මුහුදේ පාවෙමින් තියෙනකොට හොයාගත්තෙ ! ඉතින් තමුන් හදන්නෙ record එක අලුත් කරලා 2038 වල ගිනෙස් පොතට යන්න ද? හ්ම්ම්"

ඒ කෙනා අකුරින් අකුර බර කරලා කියද්දී හිත පොඩ්ඩක් ගැස්සුනාට තියෙන පන්ඩිතකමටයි එපා කියන දේම කරන්න තියෙන ආසවටයි කෙල්ල කරේ නෝන්ඩියට හිනා උන එක .

" ඒ අක්කට ඒක කරන්න බැරි උනෙ ඇයි කියලා මන් දන්නෙ නෑ but මන් මේක කරනවා ! නැත්තම් මගෙ නම ශෘති නෙවෙයි!! "

"හ්ම් එහෙමද එහෙනම් අපි බලමුකො ඔයා ඒක කරන්නේ කොහොමද කියලා ! good luck little one!"

ෂෘති එතනින් ඉක්මනට ආවෙ project  එක දුන්න ප්‍රොෆෙසටවත් නැති අමාරුවක් කොහෙදෝ ඉදන් තමන්ව follow කරලා ඒක කරන්න එපා මේක කරන්න එපා ගාන කැත පිස්සු ගෑනියෙක්ට තියෙන එක ගැන එපා වෙලා

තව ටිකකින් බෝඩිමට ගිහින් හොද නින්දක් දාන්නනෙ හිටියේ එයා! වටෙ පිටේ වාහන වලටත් රවාගෙන කෙල්ල ගියෙ ආපු call එකත් answer කරගෙන

ඒත් මේ වෙනකොට hotel එක ඇතුලෙනම් තිබ්බෙ බැරෑරුම් වාතාවරණයක්









" තමුන් අයෙමත් මට නැති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ ලමයො ! හොදින් හරි නරකින් හරි මන් තමුන්ව පරිස්සම් කරනවා!! ඒක මේ ධනාරාගෙ පොරොන්දුවක් !!"

_________________________________

_________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කෛලශිනී !

ලමායි.. හුග කලෙකින් ආයෙමත් මන් ආවා. ඇත්තටම උන්මාද ප්‍රේම ගීය කියවද්දි තෙරුනා මන් කතාවට හරි අවසානයක් දීලා නෑ කියන එක. ඒ නිසා මේ වතාවේ මන් උන්මාද ප්‍රේම ගීය 2 කොටස අරන් ආවා. GL තරම් වෙන කිසිම කතාවක් හරියට  ලියාගන්න  බැරි නිසා අයෙමත් කෛලශිනී කියලා GL එකක්  අරන් ආවා. එක්සෑම් ඉවර නිසා දවසකට එක update එක ගානෙ හරී දෙන්නම් . මන් හිතනවා ඔයාලා උන්මාද ප්‍රේම ගීය එක්ක හිටියා වගේම මේක එක්කත් ඉදීවි කියලා..

වැදගත් ම දේ මේ කතා කිසිම එකක් ඇත්ත නොවීම. කෛලශිනී සම්පූර්ණයෙන්ම මනඃකල්පිතයි. ඒ නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් නොසලකා හැර රසවින්දනයට පමණක් මුල් තැන දෙන්න කියලා ඉල්ලනවා..මන් පලවෙනි කොටස  දාලා ඇති..

එහෙනම් අයෙමත් හමුවෙමු ....

මන් බාදුරා! 💚

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now