No - 20

471 96 30
                                    

Author pov:

" ජෙලස්?"

"නෝ .අයි මීන් විත් අව්ට් අ රීසන්. උඹ අද ඒකිව වඩා ගත්තම මට තරහා ගියා උඹ දන්නවනේ මට එහෙම ලේසියෙන් තරහා යන්නෙ නෑ කියලා?! ".

" ඔව් ඒක හරි..ඒ කියන්නේ උඹ මිනොලිට කැමති වෙන්න අරන්ද? "

" නෝ මෑන්.. මම ස්ට්‍රේට්!! මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අනික..උඹ හිතනවා මම කෙල්ලෙක්ට කැමති වෙයි කියලා?"

"එහෙනම් ඇයි කෙල්ලෙ උඹට ජෙලස් මම මිනොලි එක්ක ඉද්දී?"

කතාව බාගෙට අහගෙන හිත රිද්දගෙන මිනොලි කාමරයට ගියත් ස්ටෙලා තමන්ගේ කතාව දිගටම කරගෙන ගියා. තමන්ට දැනෙන නොසන්සුන් හැගීම්වලට නමක් දෙන්න බැරුව ස්ටෙලා කියවද්දී ඒක අහන් හිටිය ආකාශ්ට නම් හොඳටම හිනා.

" උඹ මොකද හිනාවෙන්නේ? උඹ හිතන්නේ දැන් මම ඒකිට කැමතියි කියලා ද?"

" යස් මයි ලව්..උඹ මාර තරහක් තමා මගෙන් පිරිමැහුවේ. යකෝ උඹ හිනා වෙවී ඉද්දී ඒ කෙල්ල වැටිච්ච නිසා වඩා ගත්තේ මම. නැතුව මම උඹෙන් උඹෙ කෙල්ලව බලෙන් උදුරාගත්තේ නෑනේ. අනික මම හිතුවේ නෑ උඹ කෙල්ලෙක් නිසා තරහා ගයි කියලා!"

හිනාවෙවීම කිව්ව ආකාශ්ට ළග තිබ්බ කුෂන් එකකින් දමලා ගැහුව ස්ටෙලා ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

" ෆක් යූ ඉඩියට්. මම කියන්නේ ඒක එහෙම නෙමෙයි. අයි මීන් මට මිනොලි එක්ක ඉන්න එක අපහසුවක්. දැට්ස් ඉට්..අනික ඒ කෙල්ල ඔහොම හිතන එකත් වැරදියි
ඉව් කෙල්ලො දෙන්නෙක් එහෙම ලව් කරන එක මොන ලැජ්ජ නැති වැඩක් ද?"

මූණ ඇඹුල් කරන් ස්ටෙලා කියද්දී ආකාශ් එයාට හිනා උනා.

" බ්‍රෝ අන්න ඔහේ ඉරෙන් පිට පනිනවා. මම කියන්නේ ඉට්ස් නෝමල්..ගර්ල්ස්ලා දෙන්නෙක් ලව් කරන එක නෝමල් "

" වෙන්න ඇති ඒත්..? ආහ්..මම මේවා ගැන දන්නවා..අනික මම දන්නවා ඒක නෝමල් බට් මට ඒ රියැලිටි එක මාත් එක්ක මවාගෙන ට්‍රස්ට් කරන්න අමාරුයි. අනික ආකාශ් අහලා තියෙනවා නේ ප්‍රශ්නෙ තමන්ගේ වෙනකම්-"

" උත්තරය දාර්ශනිකයි ... බම්බුව තමා!" ස්ටෙලා කියන්න නොදී ආකාශ් ඇද කරලා වාක්‍ය සම්පූර්ණ කරද්දී එතනට ආවේ සයුරි.. හැබැයි සයුරිටනම් දකින්න පුළුවන් උනේ තරහා ගිහින් පුපුරන්න ආසන්න ස්ටෙලායි හිනාවෙලා මැරෙන්න පණ අදින අකාශ්වයි..

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now