No - 15

662 115 28
                                    

වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලත් උඹ තාම සතුටින් ඉන්නවා නම් ,

උඹට මේ ලෝකේ දරාගන්න බැරි දෙයක් නෑ.... 🥀

#minoli

_____________________

"මොකක්ද කිව්වේ?" මම ආපහු හැරිලා අකිල වගට යන ගමන් ඇහුවා.

"මේ.. මම ඔයාට ආදරෙයි. " ඔළුව පිටිපස්සෙ කස කස මෝඩයෙක් වගේ කියද්දී මට ඕන උනේ බිම තියෙන පෝච්චිය උස්සලා මුගේ ඔළුවට අතාරින්න.

ඈ යකෝ මූ මං කවුරු කියල හිතාගෙනද ඉන්නේ? මම මිනොලි නෙත්සරා ඒකනායක. එහෙම ලේසියෙන් කාටවත් හිත දෙන්නේ නෑ 😒

මම ටිකෙන් ටික අකිල ළගට ළං වෙලා කතා කරා.

"මට කැමතියි? ඇත්තටම කැමතියි ද?"

"ඔව් මේ.."

"ඇයි මට කැමති උනේ?" ටිකක් කටහඩ ගැඹුරු කරලා අහද්දි දෙගොඩ හරියේ දැක්ක බෝදිලිමා වගේ අකිල ඇස් ලොකු කරගත්තා.

"මේ.. ඔ..ඔයා ලස්සනයි.කි..කියුට් හී.. මේ"

"මම කැමති නෑ" අකිලගේ උරහිසේ හැප්පිලා ගාඩ්න් එකේ පිටිපස්සේ කොටසට යන ගමන් මම කිව්වා.

"ඇයි කැමති නැත්තේ?"

මගේ පස්සෙන් ඇවිත් අකිල අහද්දි හිනාව නවත්තගන්න මම ලොකු උත්සාහයක් ගත්තා.. දන්නවද මේ ලෝකේ අමාරු ම දේ තමයි සීරියස් වෙන්න ඕන වෙලාවේ හිනා යන එක !

"දැනගන්න ඕනෙද?"

මම හැරිලා අහනකොට අකිල හිනාවෙලා ඔව් කිව්වා.

"හ්ම්.. ඒක දිග කතාවක් බං!"

"බං?"

"ඔව් බං. ඇත්තටම මට උඹට කියන්න ලොකු කතාවක් තියෙනවා" හදිස්සියේවත් හිනා ගිහින් නාට්‍ය වැරදුනොත් කියන බයට මම අකිලට පිටුපාලා ඉදන් කතා කළා.

"උඹ දන්නවද ඇයි මම කොල්ලොන්ට කැමති නැත්තේ කියලා? උඹ දන්නවද ඇයි මම තාම තනිකඩ කියලා?"

"නෑ ඇයි?"

"ඇත්තටම ඒක මගේ වැරැද්ද බං. මට කියන්නත් බය හිතෙනවා.. ඒත් උඹ පොරොන්දු වෙයන් මේක කාටවත් කියන්නේ නෑ කියලා"

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now