from Stella - letter 2

572 93 35
                                    

තවත් දවසක් මිනොලි එලියෙ බැල්කනි එකේ තව ළමයෙක් එක්ක කතා කර කර හිටියා. ඒලෙවල්ස් ලමයි ගොඩක් ඇවිත් හිටියේ නැති නිසා මම සයුරි එක්ක කතා කර කර පහළට බහිද්දි තමා එයාව දැක්කෙ. ආයෙමත් හිනාවෙනවා. ඒත් එයා මාව දැකලා රවන්න ගත්ත.
නපුරුකම. අලුත් මිනොලි නපුරුයි

මම මිනොලි දිහා බලලා එයා ගාවට යද්දී එයා එක්ක හිටිය ළමයා ස්ටාෆ් රූම් එකට ගියා.

මිනොලි ග්‍රව්න්ඩ් එකට එන්න  මට දෙයක් කියන්න ඕන.

එයාව ගණන් ගන්නේ නැතුව මම කිව්වෙ එයා එයිද නැද්ද දන්නෙ නැතුව බට් ට්‍රස්ට් මී එයා එනවා.මම ග්‍රව්න්ඩ් එකට වෙලා බලන් ඉද්දී මට රව රවම මිනොලි ආව.

ඇයි?

ඇයි?

යාහ් ඇයි ඔයා මට එන්න කිව්වෙ? ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා

අනේ ඉතින් පොඩි එකී. මට බැන බැන ඉන්නවා. මම එයා ළගටම ගිහින් එයාව මගේ ළගින්ම ගහ යට වාඩි කරවගත්තා.

ඔයා මට ආදරේ කරන්නේ කොච්චර කල් ඉදන්ද?

ඇහ්? ක.. කවුද ඔයාට කැමති? ආදරේ නෑ.. පිස්සුද?

ඉස්සර වගේම එයා වෙව්ලනවා. මගෙ පිස්සු කෝලම.

එතකොට ඔයා මට ආදරෙයි කිව්වෙ? හරි එතකොට ඔයා මට ආදරේ නෑනේ ඒත් මම ආදරේ කලා -

මම කියද්දී එයා ඇස් ලොකු කරගත්තා

-ලුහාන්ට

ආයෙමත් මම කිව්වේ එයා හිත රිද්දගෙන අහක බලාගද්දී

හ්ම්

හ්ම්?

මොකුත් නෑ මම යනවා

ඇත්තටම යනවාද? මම කියන්න ගියෙ මම ඔයාව රිසෙන්සස් වල දැක්කා ක්ලාස් යනවා

එයාව මම ටියුෂන් ක්ලාස් එකේ දී දැක්ක කිව්වම එයා ඇස් දෙක ලොකු කරගෙන හිටිය. ආහ් මේ ළමයා ටියුබ් ලයිට් එකක්.

අර සුදුපාට දිග ගවුම ඇදගෙන හිටියේ එදා

හ්ම්.

ඔයා ලස්සනයි ඒකට.

මම කැතයි. ඔයාට පිස්සු.

එයා එයාටම කැතයි කියාගද්දී මම හිනා උනේ මේ මෝඩ පොඩි කෙල්ලගේ කතාවට.

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now