No - 01

1K 161 20
                                    

"මොකද දෝණි මෙච්චර පරක්කු උනේ?" හෝල්ට් එකෙන් බහිනකොට අම්මා හරි අයියා හරි ඇවිත් ඉන්නවා මාව ගන්න.

අද ඇවිත් ඉන්නේ අයියා..

" බ්ලොක් එක හලෝ... බස් එක හෙල්ලෙන්නෙවත් නෑ!" යාළුවෝ එක්ක හෝල්ට් එකට වෙලා අඹ මල්ලක් කාපු එක නොකියා මම එහෙම කියද්දි අයියා මං දිහා සැකෙන් වගේ බැලුවා.

මමත් ඔරවලා අනික් පැත්ත බලාගෙන ගෙදර එනකම් ඇවිද්දා..

මම මිනොලි නෙත්සරා ඒකනායක..
මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක 11වසරේ ඉගෙන ගන්නෙ.. ඔව් ඉතින් තව මාස 8කින් ඕලෙවල් විභාගය. ඒත් මම පාඩම් කරන්න කම්මැලියි..

මගේ අම්මායි අප්පච්චියි දෙන්නාම රජයේ සේවකයෝ. අම්මා නම් මගේ අල්ලපු ඉස්කෝලෙ ගණන් උගන්වනවා.. අප්පච්චි නම් බැංකුවක වැඩ.

එතකොට මේ වැඩකට නැති සහෝදර පරාණය.. ඒ ලෙවෙල් කරලා ගෙදර පොල් කඩනවා.. නෑ නෑ.. අයියා එහා ගෙදර දෙව්මිණි අක්කා එක්ක මල් කඩන්නේ... ඉතින් IT කෝස් එකකට දාලත් කොල්ලා ඉන්නේ එහා වත්තේ...

අපේ අත්තම්මායි , සීයායි ඉන්නේ කුලියාපිටියේ.. අපි ඉස්සර හිටියෙත් එහෙ තමයි. ඒත් අම්මාට transfer එකක් ආව නිසා මෙහෙ ආවා.

"ආහ්..දුව දැන්ද ගෙදර එන්නේ?!" ඕක අපේ දෙව්මිණි අක්කාගේ අම්මාගේ දිනපතා දොඩවන ප්‍රධාන වාක්‍ය..

ඇයි යකෝ ඉස්කෝලෙ ඇදුමක් ඇදගෙන හවස් වෙලා පන්සල් යන්නයෑ..

"ඔව් ආන්ටි.. යන්නම් ඈ" මාත් අයියා එක්ක ගෙට ගොඩ උනේ දෙව් අක්කා වැට ළග ඉන්නවා දකිද්දී...

අම්මෝ ඉතින් අපේ එකාගේ පැණි හිනාව..

ළහිරු අයියා බයික් එකේ ආව නිසා අයියා මටත් යන්නම් කියලා කොහෙදෝ ගියා..

අද හවස අම්මාට ක්ලාස් නිසා එද්දී කොහොමත් පරක්කු වෙනවා. ඉතින් මම ඇග හෝදගෙන ඇදුම් ටිකත් පෙගෙන්න දාලා ලෑස්ති උනේ ගෙදර වැඩ කරන්න...

මට කොච්චර බඩගිනි තිබ්බාත් අම්මා හරි අයියා හරි ගෙදර එනකම් මම කන්නේ නෑ. ඒ හින්දා කටු වැඩ පොත අරන් ගණන් හදන්න හැදුවාත් මට මතක් උනේ බස් එකෙ දැක්කා අක්කා..

එයාව පළවෙනියට දැක්කෙ අදනම් නෙවෙයි. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ඔය අයියා එහා හෝල්ට් එකේ බහිනවා කියලා දන්නවා...

අපි ඉන්නේ නගරෙන් ටිකක් දුරට වෙන්න. එතකොට අපේ ගම් දෙකකට එක පන්සලක් තමයි තිබුණේ.

ගිය පාර අයියා එක්ක පොර කාලා දන්සල් කන්න යද්දී මම ඒ අක්කාව දැක්කා. එයා සාමාන්‍යයෙන් අදින්නේ ඩෙනිමකට ටී එකක්...

සමහරවිට එයාව ඉස්කෝලෙ ඇදුමෙන් දැක්කේ නැත්තම් හැමෝම කියන්නේ එයා කොල්ලෙක් කියලා..

"දෝණි!!" අම්මා ඇවිත් හිටිය නිසා මම වැඩ ඔක්කොම නතර කරලා පහළ තට්ටුවට ගියා.

"අම්මා බඩගිනී..." අම්මා ආව ගමන් මම ඒ උදාන වාක්‍ය කියන නිසා අම්මාට ඒක අවුලක් නෑ...

"ඉන්න මම උයලා ගන්නම්" මම අම්මාට උයන්න උදව් කළේ පොල් බෑවක් ගාලා දීලා. ඒත් ක්ෂනිකයෙන් අම්මා පොල් කන්න එපා කියලා බනිද්දී මම ඒක පැත්තකින් තියලා උදේ ඉදන් රෑ වෙනකම් වෙන දේවල් අම්මාට කියන්න හිතුවා...

ඒක මගේ හැටි.. මොකද මට ලේසියෙන් දෙයක් හිතේ තියාගෙන ඉන්න බෑ...

"දෝණි අයියා කෝ!" අප්පච්චි ගෙදර ආවේ හවස 6ට විතර.

"අයියා කොහෙදෝ ගියා ළහිරු අයියාත් එක්ක" මම කියද්දි අප්පච්චි ගෙනාපු මල්ලක් මට දුන්නා..

හනේ... නෙල්ල කඩල ගෙනල්ලා!

මම බෑග් එකෙන් ඇට දෙකක් තුනක් අයියාට ඉතුරු කරලා අනික් එක ඔක්කොම කෑවේ සාගතේ හිටියා වගේ....

ඒත් මට අමතක උනානේ.. අද හවස යාළුවෝ එක්ක අඹ කාලා හයිලන්ඞ් කිරි පැකට් එකක් බිව්වා නේද කියලා?!!

හහ් හහ් හා...

"දූ.. අද ඔයා ආවේ ඉස්කූල් බස් එකේ නෙවෙයි ද?"

"නෑ අප්පච්චි.. ඇයි?!"

"නෑ... මම දැක්කා ඔයා බස් එකේ එල්ලිලා එනවා! "

අප්පච්චි කිව්වේ අම්මා හදලා දුන්න තේ කෝප්පෙ අතට ගන්න ගමන්...

_______________

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now