No - 19

558 87 26
                                    

මම ඇදෙන් නැගිට්ටේ ටිකක් සනීප වෙලා. සාමාන්‍යයෙන් ටයිල් පොලොවේ වැටිලා එච්චර අමාරුවක් දැනෙන්නේ නැති උනත් මට රිදුනේ වැදුණේ වැරදි තැනකට නිසා. හරියටම පස්ස පැත්ත පටන් ගන්න තැන 😩

ඇදෙන් නැගිට්ට මම පහළට ගියේ බඩට මොනාහරි දාගන්න. පඩිපෙළ දිගේ බහිනකොට කකුල උස්සද්දී රිදුණත් කුසගින්න මාව විනාශ කරගන්න කලින් ඇන්ටිගේ ස්පෙෂල් රයිස් එක කන්න මට තිබ්බ උවමනාව ලොකුයිනේ. පඩිපෙළ බැහැගෙන සාලෙට යනකොට කවුරුත් පේන්නේ හිටියේ නැති නිසා මම ගියේ කුස්සියට. ඇති යන්තම් විමලා නැන්දා හරි ඉන්නවා...

" විමලා නැන්දේ කෝ අහේෂා එහෙම?"

" ආ බේබි. අහේෂා බේබි අනික් අයත් එක්ක එළියට වෙලා ඉන්නේ. බේබිට දැන් කොහොමද? "

" මට නම් දැන් අඩුයි නැන්දේ..මම අහේෂාව බලලා එන්නම්"

" නෝනා කෑම කාලත් නෑනේ. මම රත් කරන්නද කෑම එක?"

" එපා නැන්දේ මම තව ටිකකින් කන්නම්"

කොච්චර බඩගිනි උනත් ඔයාලා හිතන්න ඇයි මම කෑවේ නැත්තේ කියලා? මොකද මට දැනගන්න ඕන උනා අහේෂා එක්ක ඉන්න අනික් අය අතරේ එයත් ඉන්නවද කියලා.. ගිහිල්ලද දන්නේ නෑ?

වෙලාව ඔරලෝසුවේ හවස 5වෙලා තියෙද්දී මම දැනගත්තා මම පැය දෙක තුනක් නිදාගෙන කියලා. ඇයි මට අද දවස මෙච්චර අපල? උදේ පාන්දරින්ම අම්මයි අප්පච්චියි කුරුණෑගල ගියා. මම දවල් වෙලා මෙහෙට ආවාට පස්සේ ස්ටෙලා අක්කාව දැක්කා. පස්සේ ඕපදූප හොයන්න ගිහින් කොන්ද කඩාගෙන ඇදට උනා. අම්මපා අද දවස මගේ ජීවිතේම කනපිට හරවයි මෙහෙම ගියොත්?!

අහේෂාගේ ගෙදර සාලෙ ගොඩක් ලොකුයි. හරියට මගේ කාමරේ වගේ දෙකක්. ඒ මදිවට කාමරේ කොනක ලොකු ටීවි එකයි ඒකටම හරියන්න කෑම කන මේසයයි සාලයට මාර විදියට ගැලපුනා. තව තැනක අහේෂාගේ කම්පියුටරේ තියෙද්දී සාලේ ඉඩ ටිකක් ඉහිරිලා වගේ පෙනුණත් ඒකේ ලොකු අදුරගන්න දකින කෙනෙක්ට බැරි නෑ. සාලේ කොනක තියෙන පඩිපෙල දිගේ උඩට නැග්ගම තියෙන දෙවනි තට්ටුව අහේෂාගෙයී සයුරි අක්කාගෙ යි ස්ටඩී රූම් එක. එතනම තියෙන අක්කාගේ රූම් එකයි ඊට එහා පැත්තේ තියෙන අහේෂාගේ රූම් එකයි  ඊට එහා ගෙස්ට් රූම් එකයි , පහළ කෑම මේසෙට දකුණින් තියෙන අංකල්ගෙයි ඇන්ටිගෙයි රූම් දෙකයි  ඇරුණම මුළු ගෙදරම ඉඩ තිබුණේ කුස්සියට. මං මෙච්චර ලොකු ගෙදරකට ආස උනත් දැන් අපි ඉන්න ගෙදර පොඩි උනත් ලස්සනයි නේද කියලා මතක් වෙලා මම මගේ ආශාවන් ඇතෑරගත්තා.

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Opowieści tętniące życiem. Odkryj je teraz