No - 12

671 132 16
                                    

"කාටද අත වැනුවේ?" අයියා ඔරවලා අහනකොට හීන් දාඩිය දාගෙන ආවාත් බය වෙන්න දෙයක් නෑ කියලා හිත කියද්දී මම අයියාට ඇත්තම කිව්වා.

"දන්න අක්කා කෙනෙක් ට"

"දන්න අක්කා කෙනෙක්? කවුද ඒ?"

"දන්න අක්කා කෙනෙක් අනේ දෙවනි බෝධියේ ඉන්නේ. අපේ ඉස්කෝලේ. ඉතින් මාත් එක්ක ආවා. මාත් බායි කිව්වා". අයියාගේ බැල්ම මගහැරලා බොරුවක් නොවන ඇත්තක් කියලා මං ඉස්සරහට ඇවිදගෙන ආවා.

"හූම් බලාගමු. දන්න අක්කා කෙනෙක් ද අයියා කෙනෙක් ද කියලා? කෝකටත් දෝණි උඹ පරිස්සමින් හොදද? වැරදි වැඩක් එහෙම කරලා තිබ්බොත් අම්මාට කලින් හම ගහන්නේ මම"

"තමුසෙ?? හහ්.. මේ ඕයි මුලින්ම දෙව්මිණි අක්කාට පැණි හලන්නේ නැතුව ගිහින් කතා කරනවා. පස්සේ මං ගැන බලනවා. ගොනා" මම අදත් ලෑස්ති උනේ අයියා එක්ක වළියක් අදින්න.

ඇත්තම කියන්නද? මේ ගොනාව අවුස්සලා ගන්න සතුට ආයේ කාව ගොනාට අන්දලා වත්  ගන්න බෑ සත්තයි 🤭

"මොකක්? මේ ඕයි"

මම ඇහුනේ නෑ වගේ අයියාව මගහැරියා.

"මේ දෝණි??"

"මොකද ඕයි" මම කිව්වේ ටිකක් තරහින්. පොඩ්ඩක් බය කරලා තියාගන්න ඕන 😁

"තමුසෙ දෙව් ගැන කාටහරි කිව්වාද? අම්මාට අප්පච්චිට? නැත්තම් වෙන කාටහරි?"

මම නැවතිලා පිටිපස්සෙන් එන අයියා දිහා බැලුවා. කොල්ලා බය වෙලා ඉන්නේ.

"මමද? හ්ම්.. මතක නෑනේ" ඉන්නකෝ ටිකක් රගපාලා බලමු.

"මතක නෑ කිව්වේ?" මම අයියා වගට ගිහින් බෑග් එක අයියාගේ කරට දැම්මා.

ඊටපස්සේ අයියා මගේ පස්සෙන් එද්දී මම ඉස්සරහට ඇවිදගෙන ගියේ ලෝකේ නැති බොරු මතක් කර කර.

"මම කිව්වේ ද? හ්ම්.. ආහ් මතක් උනා?"

"කෝ කාටද කිව්වේ? දෝණි චීත්තයක් වෙන්න එපා අයිසේ අය්යෝ මගේ නම්බුව"

"අනේ මේ යනවා තමුසෙගේ බම්බුව උස්සන්. වැඩිය දැගලුවොත් මම කියන්නේ නෑ හරිද ?" ඒක කිව්වා විතරයි අයියා ඔරවලා මාව පහුකරගෙන ගියා. අපි ඉන්නේ ගෙදරට යන අතුරු පාරේ..

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now