No - 11

644 139 16
                                    

"ටිකක් ඔහොම ඉන්න.. හෙලවෙන්න එපා" හීනි කටහඩකින් මගේ උරහිසට බරවෙලා ස්ටෙලා අක්කා කියද්දී මට පුළුවන් උනේ වේගයෙන් ගැහිලා නවතින්න යන හාට් එක කන්ට්‍රෝල් කරගන්න එක විතරයි.

මම මැරෙයිද? අනේ මන්දා මට හිතෙන්නෙම දැන් මාව සතුටට පුපුරලා මැරෙයි කියලා.

බස් එක ඇවිදිනකොට මම පිළිමයක් වගේ එයාට නිදාගන්න මගේ උරහිස දුන්නා.

ඒකත් එදා අප්පච්චි දුකෙන් ඉන්නකොට අම්මා එයාව තුරුල් කරන් උරහිසට ඔළුව තියාගන්න දුන්නා වගේ. එතකොට මට අවුරුදු 5 ක් වගේ. මම ඇදේ අම්මා නැති නිසා හොයන්න යනකොට තමා ඒ ලව් එක දැක්කේ. මට ඒක මතක තිබුනා..

අම්මා අප්පච්චිට කරදරයක් උනාම ළග හිටිය වගේ මටත් ඕන මෙයා ළග ඉන්න.. ඒත් හැමදාම එහෙම ඉන්න පුළුවන් වෙයිද??

කොන්ද ටිකක් රිදෙන්න ගද්දී මම අක්කාව හෙලවෙන්නෙ නැති වෙන්න ටිකක් සීට් එකට හේත්තු උනා. ඒ මදිවට මේ බ්ලොක් එක. ඇවිදන් යන වාහනේ නවත්තලා ම දැම්මා වගේ.

මම බෑග් එකට අත දාලා ලයිබ්රි එකෙන් ගත්ත පොත එළියට ගත්තා.

"ගුරු ගීතය"

මම මේ පොත 10 පාරකට වඩා කියවලා ඇති. වචනයක් වචනයක් ගානේ කටපාඩම් වෙන තරමට. ඒත් මම මේ පොතට ආදරෙයි. හැම මාසෙකම එක දවසක් මම මේ පොත කියවනවා. අම්මා ළග පොතක් තිබ්බාට මම ලයිබ්රි එකෙන් අරන් කියවන්නේ.

හේතුව තමයි මම ඒ අසහාය නිහඩ ප්‍රේමවන්තයන්ට ආදරය කිරීම. ඒ පොත ඇත්තටම බෙහෙතක් , සමහරවිට ඩ්‍රග් එකක්. එකිනෙකාගේ ආදරය ඇබ්බැහි වෙන තරමටම..

මම හිමීට බැලුවේ ස්ටෙලා අක්කා දිහා. එයා නිදි.. මගේ උරහිසට හේත්තු වෙලා සැප නින්දක. අඩුම තරමින් මට පුළුවන් උනා නම් එයාගෙ හීනවලට වත් එන්න..

මම ලෝබයි
පිට කෙනෙක් ගැන හැගීමක් දැනුන පළවෙනි වතාව..
ඉතින් මම ලෝබයි මෙයාව වෙන කෙනෙක්ට දෙන්න...

දන්නවද ගුරු ගීතයේ මම ආසම කොටස මොකක්ද කියලා?

ඒ තමයි දුයිෂෙන් අල්තීනායිව කෝච්චි පෙට්ටියේ නග්ගපු වෙලාව..

එයාට කොහොම හිතෙන්න ඇද්ද?

නැන්දාගෙන් ගුටි කාලාත් ඉස්කෝලෙ හදන්න තමන්ට උදව් කරපු අල්තීනායි , ඉස්කෝලෙ වෙනුවෙන් එයා වෙනුවෙන් මහන්සි උන අල්තීනායි එයාව දාලා යද්දී.. පරිස්සමින් යන්න කියන තරමට එයා ආදරේ කරන්න ඇති?

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now