No - 10

630 138 26
                                    

"උඹ ළග කීයක් තියෙනවද?"

"40ක්"

"මං ගාව 50 යි තියෙන්නේ. එතකොට 90 යි"

"අනූවට බත් එකක්වත් ගන්න බෑනේ බං?"

"ඒක තමා. බලපන්කෝ මට කෑම පාර්සලේ අමතක උන හැටි"

"ඔව් ඉතින් උඹ කුකුලවත් උස්සන් ඉස්කෝලෙ එනවා. එද්දී කෑම එක අමතක කරනවා. ඈ යකෝ උඹට යටට පෑන්ටියක් අදින්න අමතක උනේ නෑනේ"

අහේෂාගේ කකුල ගැලවිලා යන්නම පාරක් ගහපු මම පිටිපස්සෙන් කැන්ටිමට රිංගුවේ ඇන්ටිව හොයන් යන්න.

ඇත්තටම අද උදේ මට එනකොට කෑම එක ගේන්න අමතක උනා. ඉතින් මාටියා ගහපු රුපියල් 50 ක් තිබ්බ නිසා මම අහේෂාවත් එක්කගෙන කැන්ටිමට ආවා.

"ඇන්ටියෝ.. ආයුබෝවන්"

ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ගමන් පාන් පෙත්තට ගාන බටන් හැන්ද වගේ හිමින් සීරුවේ මම ඇන්ටිට කතා කළා.

"මොකෝ මේ පැත්තේ? කෑම ගෙනල්ලා නැද්ද?"

"කවදත් අපි දෙන්නාගේ දෙවනි අම්මා වගේ අපි ගැන හොයලා බලන්නේ ඔයා තමයි ආන්ටි" දෙපාරක් තුන්පාරක් බටර් ගෑවාම පෙත්තට හොදට අල්ලපු බටර් උඩට අහේෂා සීනි හැන්දක්ම හැලුවා.

"මොකද මේ බටර් ගාන්නේ දෙන්නම? මොනාද ඕනේ ආහ්?"

ඇන්ටි ෆයිඩ් රයිස් කෝප්පයක් ලන්ච් ශීට් එකට දාන ගමන් ඇහුවා.

"ඇන්ටි රු 90 කට දෙන්නෙක්ට කන්න මොනාද තියෙන්නේ?"

මම ඇහුවේ සෙනග අඩුවෙන කැන්ටිමේ මට පිටිපස්සෙන් පෝලිමේ කෙනෙක් හිටගන්නවා වගේ දැනෙද්දී.

"90 තියෙනවා එළවලු රොටී , එතකොට අල පැටිස්  හ්ම් තව ඉදියාප්පයි පොල් රොටීයි"

අහේෂාගේ මූණ බෙරි උනේ එයා ආසම චිකන් පැටිස් එක 90 ට ගන්න බැරි නිසා.

"මොකද කරන්නේ? එළවලු රොටීවත් ගමු"

"මට එළවලු රොටී එපා.. වෙන මොනාහරි ගමු"

"වෙන මොනවා ගන්නද බං? ඉදියාප්ප?"

"එපා"

"එහෙනම් පොල් රොටී 3ක්"

"එපා මම දෙකක් කෑවාම උඹට එකයි තියෙන්නේ. ඒකත් එපා"

"එහෙනම් මොන මගුලක්ද බං කියන්නේ? කන්න වෙන මොකුත් නෑ"

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now