No - 24 ( end )

567 87 35
                                    

" මිනොලි සීයා තාත්තා නැති වෙලා"

මට හීනියට වගේ මතකයක් තිබුණේ පාන්දර අපප්ච්චි කෝල් කරලා කිව්ව දේ. පහුවෙනිදා උදේ 7ට වගේ මම රෙදි බෑග් එකත් අරගෙන අහේෂාගේ අප්පච්චිගෙ කාර් එකේ ගුඩ්ෂෙඩ් එකට ගියා. හොද වෙලාවට අංකල් එවෙලෙම ඇවිත් හිටියේ. කොහොමහරි කුරුණෑගල- මහනුවර බස් එකක තනියම වාඩි උන මම බස් එක ඈතට යනකම් බලන් හිටියා.

මට බයක් තිබුණෙ නෑ අයියට මොනවා කියන්නද කියලා. දන්න අක්කා කෙනෙක් විහිළුවට කරපු වැඩක් කියන එක එයා විශ්වාස කරයි කියලා මම දන්නවා ඒත්...

නුගවෙල පහුකරන් බස් එක කුරුණෑගල සීමාවට ආවා. පැය දෙකක වගේ ගමනකින් සීටීබි බස් එක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ නවත්තද්දී බාප්පා ඇවිත් මාව කුලියාපිටිය බස් එකට එක්කගෙන ගියා. මම මළ මිනියක්.. හිනාවෙලා හිටියට මට යන එන තැන් මතක තියාගන්න උවමනා නෑ.

ඉස්සර කුරුණෑගල එනකොට බස් එකෙන් බස් එකට නම් ටික කියෙව්වා. ඊටපස්සේ නිකවැරටිය හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම අප්පච්චි බයික් එකක ආවේ ගෙදර යන්න.

හිතුවට වඩා අද මට කාලය දිග වෙන එකට සතුටක් දැනුනා. බයික් එක නවත්තනකොට අම්මා ආවේ මූණත් රතු කරන් එයා අඩලා. මට ඇඩෙන්නෙ නෑ. ආච්චම්මා නැති වෙද්දී කෑ ගහලා අඩපු මම අද කදුළු වැටෙන්න දීලා මිණිය දිහා බලන් හිටිය.

" දෝණි!"

" සොරි අය්යෙ ඊයේ මම විහිළුවට ඔයා එක්ක කතා කර කර ඉද්දී දන්න අක්කා කෙනෙක් එහෙම කලේ. එයා අහේෂාගේ අක්කාගේ යාළුවෙක්. එයා එදා නිදාගත්තෙ මං එක්ක. මං ඉතින් කතා කරපු එක සීරියස් අරන් එයා එහෙම කලේ. සොරි"

මම කියාගෙන කියාගෙන ගිහින් ළිද පැත්තට යන්න හැදුවත් අයියා මාව අල්ලගත්තා..

" මට අහන්න ඕන උනේ ඒක නෙවෙයි දෝණි. කොච්චර රළු උනත් ඒ කෙල්ලෙක්ගෙ කටහඩක් කියලා මම දන්නවා මට ඕන ඒක දැනගන්න නෙවෙයි. ඔයා හොදින් ද?"

අයියාගේ ප්‍රශ්නෙ එකක් මම එයාව බදාගත්තෙ අයිය මාව රවට්ටලා දාලා යන්නෙ නෑ කියලා දන්න නිසා.

" නෑ අයියෙ.. මට මහන්සියි.. ඔළුව රිදෙනවා. ඔක්කොටොම වඩා මට දුකයි"

" හ්ම්"

ඇයි? කින්ද? මන්ද? අයියගෙන් බලාපොරොත්තු උනත් එයා මාව බදාගෙන ඔළුව අතගෑවා. එයා වගේම..

" දෝණි සීයා තාත්තා නැති උන එක මටත් දුකයි තමා. මොනා කරන්නද ඒත්"

අයියා කියද්දී මම එයාගේ මූණ දිහා බැලුවා එක්කො කමක් නෑ එයාලා මං ගැන එහෙම හරි දන්නවනේ..

මම එදා ඉදලා සතියක් කුරුණෑගල හිටියට හිතට සතුටක් දැනුනේ නෑ.

අන්තිමට මට මහන්සියක් එක්ක ලොකු අඩුපාඩුවක් දැනුනා..

මදිකමක් .

වේදනාවක්..

හිනාව නැති උන බවක්..

මාවම නැති උන බවක්..

කාලෙ ගෙවිලා ගියා..

ආපහු ඉස්කෝලෙ ආවත් පුළුවන් තරම් අහේෂාවත් මගහැරිය මම හෙට තියෙන ඕලෙවල් එකට ලෑස්ති වෙන්න ගියා..

මට විශ්වාස නෑ මට පුළුවන් වෙයිද කියලා

9 A මට හීනයක් වගේ දැනුනා..

තාත්තාගේ බලාපොරොත්තු අම්මාගේ නම්බුව මගේ අතේ තියාගෙන මම ඇඩ්මිෂන් එක දිහා බැලුවා

මගේ කතාවේ අවසානය එයා නැතුව මම විතරක් ඉතුරු වෙන තැනක නවතියි කියලා මම බලාපොරොත්තු උනේ නෑ.

ඒත් මම දන්නවා...

ඒක එහෙමයි...

මොකද..

~වැඩිපුරම ආදරයෙන් බැදුනේ
කවදාවත් එක් නොවුන හදවත් ~

_________________________

මිනොලි × ස්ටෙලා ❤️

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now