No - 06

697 143 13
                                    

Flashback~

"ටානියා ඔයා මෙහෙ?"මාත් එක්ක ආව ඒ අක්කාව පිටිපස්සෙන් බදාගෙන අපිට කතා කළේ මං පණවගේ ආදරය කරන කෙනා.

ඔව් ඒ එයා..
එයා ටානියා අක්කාව බදාගත්තෙ මම කවදාවත් දැකපු නැති හිනාවකුත් එක්ක.

ඒක ලස්සන හිනාවක්. ලාවට වළ ගැහෙන ඒ කම්මුල , කෝපි පාට ඇස් චූටි වෙන ඒ හිනාව මට ආයෙමත් දකින්න ආස උනා..

ඒත්...

"අනේ අම්මපා.. උඹ මොන මගුලකද බං මේ රිංගලා ඉන්නේ? අන්න අරහේ උඹේ මිනිහා උඹව පණ දාගෙන හොයනවා. මමත් ආවේ උඹේ කොල්ලාගේ කන් කරච්චලේ අහගෙන ඉන්න බැරි ම තැන. ඒක නෙවෙයි.. උඹ දන්නවාද මාව..."

"ඇති ඇති බං.. ආව ගමන් වක්කඩේ වගේ උඹේ ඔය බෝක්කුව අරින්න එපා. අහන් ඉදලා මගේ කනත් ඉවරයි.. අලුතින් බද්ධ කරන්න බෑ. ඒක නෙවෙයි උඹ කොහොමද මෙහෙ ආවේ?"

"අන්න අර නංගි තමා මේ ඇඩ්‍රස් එකට මාව එක්කන් ආවේ" එතකොට තමා එයාලට මාව මතක් උනේ.

මාව දැක්ක ගමන් ස්ටෙලා අක්කාගේ ඇස් ගැස්සෙනවා මම දැක්කා. අනිවාර්යයෙන් ම ඉස්කෝලෙ දී උන දේවල් දැනගෙන ඇති. මොනවා කරන්නද මම කියලාත්!

"ආහ්.. මෙ..මෙයාද ඔයාව එක්කගෙන ආවේ?" මං දිහා පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ බලද්දී මට දැනුනේ එයා මට අනුකම්පා කරනවා කියලා.

ඇත්තටම ඒක අනුකම්පාව ද භූමිකම්පාව ද දන්නේ නෑ හැබැයි මට තවත් මෙතන ඉන්න ඕන නෑ.

"තැන්ක්ස්... මගේ යාළුවාව පරිස්සමින් එක්කන් ආවාට" මම යන්න හැරෙද්දී එයා මට ස්තූති කළා

ඒත් මට කාගෙවත් ස්තූතියක් ඕන නෑ. මම මොකුත් නොකියා බිම බලාගෙන ම ඉස්සරහට ඇවිද්දා. ඔව් එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා..

ටානියා අක්කා කියපු විදිහට එයා කැමති කොල්ලොන්ට. එතකොට කෙල්ලෙක් උන මට කවදාවත් එයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරි ද?

මට පාර දිගේ අඩන්න බැරි කමට බෑග් එකේ පටියත් තද කරගෙන මම තව හෝල්ට් දෙකක් ඉස්සරහට පයින් ඇවිද්දා.

අයියා ඇවිත් ඇයි දෝණි පරක්කු කියලා අහද්දි මම මොකුත් නොකියා හිටියේ හිත රිදුන නිසා වෙන්න ඇති..

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now