No - 13

656 126 32
                                    

"අනේ අම්මේ මගේ කොන්ද!! මාව උඩට ගනින් බල්ලෝ"

කවුරු උනත් ගහෙන් පැන්න විදිහට බයවෙලා පිටිපස්සට ගිය අහේෂා කෙලින්ම වැටුණේ මැටල් ගොඩක් උඩට. මුළු ගවුමෙම කුණු ගාගෙන කොන්දත් අල්ලගෙන ඉන්න අහේෂා දිහා බලලා හිනාවෙන්න හොද නැති උනත් මම කළේ ඇස්වලින් කදුළු පනිනකම් හිනා උන එක.

හොදම යාළුවා උනත් වැටුණාම අත දෙන්න කලින් ඇතිවෙනකම් හිනාවෙන්නේ මම විතරද? නෑනේ...

මම අහේෂාට අත දික් කරලා උඩට අරන් ආපහු බැලුවේ ගහ උඩ හිටිය ගරායකා කවුද කියලා?

ඒත් අපි දෙන්නා දිහා ඇස් පොඩි කරන් බලාගෙන ඉන්නේ මම හිතුව කෙනා නම් නෙවෙයි.

මෙයා මොන මගුලක්ද මේක උඩ කළේ?

ස්ටෙලා අක්කා වැටුණු අහේෂා දිහා බලලා කෙලින්ම මං දිහා බලද්දි මාත් ඇස් ලොකු කරන් එයා දිහා බැලුවා. එතකොට තමා මම දැක්කේ එයාගේ අතේ තියෙන ෆෝන් එක. මොකක් ඉස්කෝලෙට ෆෝන් ගේන්න පුළුවන් ද?

ඒලෙවල් නිසා මේ දවස්වල වැඩිය උගන්වන්නේ නෑ. මොකද සමහර ටීචර්ලා සර්ලා ඕලෙවල් පන්තිවලට උගන්වන නිසා ඒලෙවල් අක්කලා ඉස්කෝලෙ එන්නෙත් අඩුවෙන්.

මෙච්චර ගහ උඩ නැගලා ෆෝන් එකේ සිග්නල් හොය හොයා හිටිය ස්ටෙලා අක්කා මාවයි අහේෂාවයි දැකලා කලබලෙන් බිමට පැන්න පාර තමයි අහේෂා බයවෙලා පස්සට විසි උනේ. එයා අපි දිහා එකපාරක්වත් බලන්නේ නැතුව යන්න ගියාම මම අහේෂාව අරන් සික් රූම් එකට ආවා.

"බලපන් බං මගේ කොන්ද ඉවරයි ද කොහෙද? හොදටම කැක්කුමයි බං. මට දැන්ම හන්දිපත් රුදාවට බෙහෙත් ගන්න වෙයි කියලා මම හිතුවේ නෑ බං"කැන්ටිමට එහා පැත්තේ සික් රූම් එකට යනකම් අහේෂා එයාගේ දුක් අදෝනාව කිය කියා ගියා. ඔහොම ඉතින් විහිළු කර කර හිටියාට කෙල්ලට හොදට රිදෙනවා ඇති. මං මොනවා කරන්නද? ඔක්කොම අර ගරායකාගේ ෆීමේල් වර්ෂන් එකනේ කරේ.

"හොදයි ළමයි.. අද මම ඔයාලට කියන්න යන්නේ ගුඩ් නිවුස් එකක්! අපි ඊළග සතියේ ට්‍රිප් එකක් යනවා ගාල්ලට"

"යා... හුරේ.. අඩෝ අපි යනවාආආආආආ" අහේෂායි මායි පන්තියම බලාගෙන ඉද්දී අපේ සතුට පළ කළේ කෑ ගහලා. වස ලැජ්ජාවයි . 

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now