No - 08

663 143 23
                                    

"දෝණිලාගේ අප්පච්චි?"

අම්මා අප්පච්චිට කෑම එක බෙදලා දෙන ගමන් කතා කළා. ඒ වෙලාවේ මම මගේ මස් කරියේ තිබ්බ ගොරකා කෑල්ල අම්මාගේ පිගානට දැම්මා .

"ලොකූ ගැන ටිකක් හොයලා බැලුවොත් හොදයි නේද?"

එකපාරටම අම්මා අයියා ගැන කතා කරන්නේ ඇයි කියලා මට තේරුණේ නෑ. මාත් බත් එකටයි කතාවටයි එකටම අවදානේ දුන්නා.

"ඇයි එහෙම කිව්වේ?"

"නෑ . කෝර්ස් එකට යනවා කියලා මට හිතෙන්නෙම කොල්ලා වෙන කොහේහරි යනවා කියලා. රෑට රෑ වෙලා ගෙදර එනවා පහුවදා උදේම යනවා. ගෙදර ඉන්න ටිකේ වැඩකට ඇති වැඩක් කරන්නේ දෝණිව ගෙදර එක්ක එන එක විතරයි. "

"හ්ම්. කෝ තාම ගෙදර ආවේ නැද්ද?" මම අප්පච්චිගෙ බත් එකට එබෙද්දී අප්පච්චි මස් කෑල්ලක් මගේ පිගානට දැම්මා.

"ඔය ආවේ. ඇග හෝදන්න ගියා. දෝණී!! අපපච්චීට කන්න දීලා හැළියෙන් බෙදාගෙන කනවා" හැම කතාවක්ම වගේ අදත් මේ කතාව ඉවර උනේ මගෙන් තමා.

මමත් අම්මාට ඔරවලා කෑවේ හැළියේ මස් තිබ්බාට කුකුළට තියෙන්නේ කකුල් දෙකයි කියලා පෙන්නන්න.

හූම්..හෙට ඉස්කොලේ යන්න ඕන!

මම රෑ නින්දට ගිහින් අද දවසේ උන දේවල් ගැන හිත හිතා හිටියා

ඇත්තටම මට පට්ටම සතුටුයි. එයා මගේ අතින් අල්ලපු එකට ...

____________

"අපේ මහත්තයා.. බලන්න අද ඉර පෑයුවේ අනික් පැත්තෙන් ද කියලා?" මම මේස් එක හොයන්න කාමරෙන් එද්දී අම්මා කිව්වේ අප්පච්චි මට හිනා වෙද්දි.

"ඇයි? ඇයි ඔයාලා ඔහොම බලන්නේ?"

" නෑ ඉතින්. තුන් පැයක් පස්සට ගහලා උදේම නැගිට්ටවන්න හැදුවා විතරයි කෙල්ල ලෑස්ති වෙලාත් එළියට එනවානේ ඒකයි බැලුවේ අද වැරදිලාවත් ඉර අනික් පැත්තෙන් පෑයුවාද කියලා!"

අම්මා හොද හින්ට් පාරක් දාලා අප්පච්චිගේ ටයි එක හදද්දී මම ගස්සලා ගියේ අප්පච්චි ළගට.

"අප්පච්චි මගේ මේස් එක නෑනේ?"

"දෝණි අප්පච්චිගෙන් අහන්නේ කාමරේ මේසේ උඩ බලන්න ඇති"

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now