No - 17

502 107 21
                                    

" ඔහ් හායි"

ගෙට ගොඩවෙනකොටම පුදනකොටම කාපි යකා වගේ මගේ ඉස්සරහ හිටියේ ස්ටෙලා අක්කා. ඇත්තමයි මම හිතුවේ කොල්ලෙක් කියලා. උදේ දකින හීන විශ්වාස කරපල්ලා මොකද ඒවා ඇත්ත වෙනවා.

මම උදේ ගවුමක් ඇදලා හිටිය අක්කා වෙනුවෙන් සම්පුර්ණ කොල්ලෙක් වගේ ටී එකකට බොටමක් ඇදපු එයාව දැකලා අර මොනවාදෝ එකකට ඇදිලා යන කූඹි රැලේ අන්තිම එකා වගේ මම එයා දිහාම බලන් හිටියා.

" අහේශා.. චූටි දූ.. බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා?" මෙච්චර වෙලා අපේ ඇස් දෙක යාවෙමින් තිබ්බේ. ඒත් කොහෙද ඇන්ටි කඩා පාත් වෙලා ෆිල්ම් එකම කණපිට හැරෙව්වා..

" ඇන්ටියෝ!!"

ගණන් උස්සපන් මිනොලී.. ට්‍රිප් එක එන්නත් බෑ කියපු කෙල්ලෙක් ඔය .. මම ඒ වගේම එයාව ගණන් නොගෙන මගේ ගේ වගේ ඇතුලටම ගියා 

" මිනූ.. අනේ ඉතින් මේ ළමයා දවල් වෙලා මොකද මෙහෙ?"

දැන් උදේ නෙවෙයි ද? මම කියන්නේ මට මතකයි මම බිස්කට් කනකොට 11ට වගේ ඇති. මධ්‍යහ්න කාලයේ ගෙවල්වලට කඩ පනින්න ඕන නෑ තමා.

" මම ආවේ නවතින්න ඇන්ටියෝ..අපේ අම්මයි අප්පච්චියි කුරුණෑගල ගියා සීයා තාත්තාට සනීප නෑ කියලා. ඔයා දන්නවනේ ආන්ටි ඔය කුරුණෑගල ගිහින් එහෙ ඉන්න දන්නේ අදුරන්නේ නැති උන් නිසා මට බෑ සමාජයට විහිළුවක් වෙන්න. අනික ආන්ටි ඔයා මාව විශ්වාස කරන්න මේ සතිය මම අහේෂාව ඇන්ටිට ඕන ගුණයහපත් දරුවෙක් කරලයි නවතින්නේ හූම්"

හිත සතුටින් පිරිලා. සමහරවිට එයාව දැකපු නිසා වෙන්න ඇති. මම හරිම ලෝබකමින් සතුටු වෙනවා. දෙවියෝ දකිනවනම් එකපාරක් මට මෙහෙම සතුටු වෙන්න දෙන්න.. ඇත්ත මායාවකින් වහලා මට මෝඩයෙක් වගේ සතුටු වෙන්න ඉඩ දෙන්න. මිනොලි ඒ හැගීමට හරි ලෝබයි!!

" ඔව් ඔව් මම දන්නවනේ යාළුවෝ එකතු උනාම කරන වැඩ. ඔයාව නම් මට විශ්වාසයි කෙල්ලෙ. ඒත් අර ගුබ්බෑයමේ ඉදන් හෙනහුරා වගේ ඉන්න අහේෂාව තමා ශුවර් නැත්තේ!"

කස්ටඩ් එක ෆ්‍රිජ් එකට දාලා ඇන්ටි කියද්දී මම හයියෙන් හිනා උනා.

" බය වෙන්න එපා ඇන්ටි. ඔයාගේ මේ මිනොලි දුව ඉන්නකම් අහේෂා හැදෙනවා. "

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now