No - 18

538 104 27
                                    

" බුදු අම්මෝ!!"

හත්තික්කේ මගේ පපුව. තාම හයියෙන් ගැහෙනවා. ඇයි යකෝ එනවා නම් අඩුම තරමින් කියලා වරෙන්. එකපාරටම පිටිපස්සෙන් ඇවිත් කන ගාවට වෙලා මදුරුවා වගේ කීන් ගාන්නේ මොකද?

"මිනොලි ඔයා?"

ගහෙන් වැටුණ මිනිහට මොකාද ඇන්නා වගේ ස්ටෙලා අක්කා කෑ ගහපු එකට දොරට හේත්තු වෙලා හිටිය මම සයුරි අක්කා දොර අරිනකොටම බිමට වැටෙන්න ගියා..

අනේ දෙයියනේ තව තත්පරයක් විතරයි තියෙන්නේ නිව්ටන් පල්ලා.. කේඩ්‍රාමා වල වගේ මාවත් කවුරුහරි ඉනෙන් අතදාලා අල්ලගෙන ඒ පපුවට තුරුළු කරගත්තා නම්...

මම එහෙම හිතුවට වාසනාව කැරකෙන්නෙම නැති නිසා මම කෙලින්ම ගෙම්බා පොලේ ගැහුවා වගේ පත බෑවුනේ ටයිල් පොළවට.

සයුරි අක්කායි තව කෙනෙකුයි එකපාරටම එනවා පේනකොට මට ඇහුනේ මොකාගෙ හරි කැත හිනාවක්.

" ස්ටෙලා මොකද හිනාවෙන්නේ? මේ ළමයා වැටිලා ඉන්නවා පේන්නේ නැද්ද? "

දෙයියන්ට ම ඔප්පු වෙච්චාවේ..ඒ කියන්නේ මෙච්චර වෙලා මම වැටුණට කැකිරි පැලුවේ මගේ ආදරණීය වන් සයිඩ් ලව් එකද?

මුගේ අම්මට නෑ නෑ නැන්දම්මා පව්.. මුගෙ මොකාටහරි හෙන ගහපන් කැත විදියට හිනා උනාට..

මට ටිකක් වෙලා යනකොට තේරුනා කොන්ද හිරි වැටිලා කියලා. සද්දෙට ඇඩුනා මේ පාරනම්. සයුරි අක්කා එක්ක හිටිය කෙනා ඇවිත් මාව වඩාගන්නකොට පිනකට වගේ ස්ටෙලා අක්කාගේ කැකිරි හිනාව නැවතුනා.

" සයුරි. ගිහිල්ලා උණු වතුර බේසමක් ගේන්න රෙදි කෑල්ලක් එක්ක. සිද්ධාලේප බාම් එකත් ගේන්න. ටයිල් එකේ වැදුන පාරට කෙල්ලට රිදෙනවා ඇති!"

ඈ යකෝ. වැටුණාම රිදෙන්නෙ නැතුව හිනා යන්නද?මුට මොළයක් නැද්ද? මාව ඉක්මනට වඩා ගෙන සයුරි අක්කාගේ ඇදට ගෙනාවේ අර කෙනා.

හත්තික්කේ මූ කොල්ලෙක් නේ? මම හිතුවේ ඒ ස්ටෙලා අක්කා වගේ ඩීප් වොය්ස් එකක් තියෙන කෙල්ලෙක් කියලා.

මාව පරිස්සමට ඇදෙන් තියපු ඒ අයියා සයුරි අක්කා ගෙනාව වතුර එකට අර රෙදි පොට්ටනිය පොලවලා වතුර මිරිකලා තවන්න පටන් ගත්තා.

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now