No - 02

848 146 23
                                    

"අඩෝ... සිරියලතා ඇවිත් ද?" පන්තියේ මොනීටර්ගෙන් මගේ පාප මිත්‍රයා ඇහුවේ කෑ ගහලා.

"නෑ..." සිරියලතා කියන්නේ අපේ සයන්ස් මැඩම්ට.. කොණ්ඩේ සුදු උන නිසා ලතා කිව්වාට එයාගේ ඇත්ත නම ශ්‍රියානි.. ඉතින් අපි දාපූ නම තමයි..

සිරියලතා!!

විද්‍යාව පාඩමේ අද තියෙන්නේ චුම්භක පාඩම... මම ආසම නෑ. ඉතින් අද මැඩම් ආවාත් නැතත් මම පන්තිය කට් කරන්න හිතාගෙන හිටියේ.

"වරෙන් යමු" අහේෂා මාවත් ඇදගෙන කැන්ටිම පැත්තට ආවේ ස්ටාෆ් රූම් එක මග ඇරලා..

අහේෂා තමයි මගේ හොදම යාළුවා. සම මානසිකත්වයේ නිසා ප්‍රශ්නයක් නෑ.

අපි කැන්ටිමේ පිටිපස්සෙ දොරෙන් රිංගුවේ ඇන්ටි ඉන්නවාද කියලා බලන්න.

ඒත් මම දැක්කේ කැන්ටිමේ උයන කාමරේට වෙලා පුටුවක ඉදගෙන ඉන්න කෙනාව...

"යකෝ..මේ අර 12 මැත්ස් එකේ අක්කානේ?"

ඉදගෙන හිටියේ හැමදාම බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා එන කොල්ලෙක්ගේ ගති ලක්ෂණ තියෙන අර අක්කා...

ඔව් එයා 12 මැත්ස් B1 පන්තියේ ඉන්නේ. මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒ විතරක් නෙවෙයි.. එයා කැතලික්...

"ආ.... ඔය දෙන්නා මෙහෙ? මොකද අදත් ටීචර්ට බඩේ අමාරුවක් කියලා බොරු කිව්වාද ආහ්?" කැන්ටිමේ ඇන්ටි මගෙනුයි අහේෂාගෙනුයි අහද්දි අර අක්කාත් අපි දිහාවට හැරුණා.

සුද්දෙක්ට තියෙනවා වගේ දුඹුරු පාට ඇස් දෙක... ඒ නපුරු බැල්ම , කට කොනේ හිනාව , ඉරක් ගහලා තියෙන ඇහිබැම , කොට කොණ්ඩෙත් එක්ක එයාට ගෙනාවේ අමුතු ලස්සනක්...

"ආහ්...අපි...මේ..." අහේෂා තෙපර බාද්දී මම තමයි කතා කළේ...

"එහෙම නෑ ඇන්ටි.. අද සිරිය..නෑ මේ ශ්‍රියානි මැඩම් ඇවිත් නෑ!"

මම වඩයක් අතට ගන්න ගමන් කියද්දී අහේෂා කැන්ටිමේ ෆ්‍රිජ් එක ඇද්දෙ මොනාහරි බොන්න ගන්න.

මේක අපිට ආගන්තුක නෑ.. මොකද අපේ අම්මා කලින් හිටියෙ මගේ ඉස්කෝලේ මයි. ඒත් ගිය අවුරුද්දේ සිරිධම්ම එකට ගියාට පස්සේ මටයි අහේෂාටයි සුභ කාලයක් උදා උනා...

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now