No - 03

720 168 38
                                    

"සර් ! අර ළමයාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?" ඒ අක්කා.. ඇගිල්ල මං දිහාවට දික් කරගෙන අහද්දි මම ඉබේම පුටුවෙන් නැගිට්ටා.

මට පිස්සුද නැත්තම් ඇත්තටම පිස්සුද?...

"කවුද? මිනොලිද? "

"ඔව් සර්"

අක්කා ඉතිපියෝට කියලා මාව පන්තියෙන් එළියට ගත්තා.

"මේ.."

"මේක ඔයාගෙ වෙන්න ඕන!" අක්කා වොච් එකක් මගේ අතට දුන්නා. මගේ තමයි. ඒත් මම අද වොච් එකක් දාගෙන ආවාද?

"හ්ම්.. පරිස්සම් කරගන්න. අපේ පන්තිය ළග වැටිලා තිබිලා හම්බුනේ. ගන්න. ආයේ කවදාවත් වටින දේවල් නැති කරගන්න එපා!" එයා මගේ අත බලෙන්ම අරගෙන වොච් එක තියලා යන්න ගියා.

මට කියාගන්න බැරි සතුටක් දැනුනා. හරියට .. ආහ්.. මට තේරෙන්නේ නෑ..

මම හිනාවෙවී පන්තියට ගියා. එදා දවසත් වෙනදා වගේම තමයි.

දැන් ඔයාලා හිතයි මගේ කතාව ඇයි මෙච්චර බෝරිං කියලා.. දන්නවද මගේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුණා.. හැමදෙයක් ගැනම හොයලා බැලුවා නම්...

වෙනදා වගේම ගෙදර ගිහින් හෝම්වර්ක් කරන ගමන් මට මගේ වොච් එක මතක් උනා. තවමත් සාක්කුවේ.. මම ඒක අතට දැම්මෙ නැතුව පරිස්සම් කරන්න හිතුවේ එයා ඒක ඇල්ලුව නිසා. ඒත් මටත් නොදැනිම මම එයාට ඇබ්බැහි වෙන්න පටන් අරන්..

දුක සතුට මග හැරෙන
ඔය බැල්මට හිත නිවන
මත් වී ළග ඉන්න පැතූ
අසම්මත පෙම ඔබම වේ...
කුළුදුල් හිතේ ඇති වූ පැතුම්
දුර යාවී කවදාවත් අයිති නැතුවම
නොකියා ඉන්නම් යන්න යන තුරු
'මග හැරෙයි කියා ' බය නිසා...
කොට කොණ්ඩෙට ගවුම් මෝස්තර
ගැලපෙන්නේ නැති වෙයි ඒ කොට කලිසම
කපපු ඇහිබැම වවන කාලෙට
ලවන් තෙමන්නද ආදරෙන්?
මට ඔයාවත්.. ඔබට මාවත්
හිමි නොවේ මේ ආත්මයේ..
කවුරු කීවත් හදුන ගත්තෙමි
හැගුමට නමකි එය ආදරේ.. 

(මට නිසදැස් ලියන්න බෑ...)

__S × M__

මම දන්නෙවත් නැතුව ඒ කවිය ලියලා තිබ්බෙ මගේ සිංහල පොත පිටිපස්සේ.

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now