මේ මිස්නම් හොදයි වගේ.. මිත්‍රශීලී කෙනෙක් කියලයි මට හිතෙන්නේ..බලමුකො කොහොමත් අවුරුදු දෙකක් ඉන්න ඕනේ මේ මිස් එක්කනේ.. මිස් පන්තිය කොනේ හිටපු කොල්ලට එහෙම කියන ගමන් සාරි පොටත් ඔඩොක්කෙට අරන් ගුරුපුටුවෙන් වාඩි උනාම එකින් එකා එකින් එකා තමන්ගේ ජාතකේ දිගාරින්න ගත්තා..

"මම විනුක් සාරංග.මං ආවේ පානදුර ඉදන්.මගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටර්ස්ලා"

"මම පසන් ආකාශ්. මම නම් කොළඹ.මගේ අම්මා ටීචර් කෙනෙක් තාත්තා ඉංජිනේරුවෙක්"

පන්තියේ කොල්ලො ටික උන්ගැන විස්තර කියන් ගියාට මම නම් හිටියේ ඔය මගුල් අහගෙන නෙමෙ..කොහොමත් තව සතියක් දෙකක් යද්දි මුන් ඔක්කොගෙම නම් ගම් විතරක් නෙමෙ වෙන වෙන විස්තරත් දැනගන්න පුලුවන් වෙන බව මම අත්දැකිමේන් දැනන් හිටියා..

ඒත් එක කටහඬක් මගේ පිට පැනලා වටේගිය අවධානේ ආයෙම පන්තියට ඇදලා දාද්දි මං කෙලින් පොර දිහා නොබලා රබර් ඇහෙන් ඌ දිහා බලන ගමන් හොදට උට කන් දීගෙන හිටියේ මිනිහා කව්ද කියලා කටහඬෙන්ම අදුරගත්ත නිසා වගේම උගෙ ලොකුකම් බලන්න ඕන නැති නිසයි.

"මගේ නම තෙහස් නෙත්සිළු.මම ඉන්නේ කොළඹ. මගේ අම්මයි තාත්තයි නෑ!"

මො..මොකක්..!? මුගේ අම්මයි තාත්තයි නැද්ද?? එතකොට මූ හැදෙන්නා කා ගාවද..?? ඊටත් වඩා මූ කිසිම ගානක් නැතුව ඒක කියලා දාපු විදිහ! පන්තියෙ ළමයි ඔක්කොම වගේම ටීචත් ඇස් ලොකු කරගන්න ගමන් අහක බලාගද්දි මං කලේ ඌ දිහා බලන් ඉදපු එක! උගේ ඇස් දිහා බලන් ඉදපු එක! ඒක කියද්දි උගේ ඇස් ගැස්සුනා.. මං ඒක දැක්කා!

"හරි තෙහස් දරුවො දැන් වාඩිවෙන්න.. කෝ ඔය ඊළග ළමයා ඉදන් ආයෙම පටන් ගන්න"

මිස් තෙහස්ට එහෙම කිව්වාම තෙහස් ඔළුව වනලා ආයෙම උගෙ පුටුවෙන් වාඩි උනා. ඊලගට උගේ හොදම යාලුවා ඌ ගැන කියන්න ගත්තා.

"මම හිමාෂ දිල්රැක්ෂ. මගේ තාත්තා මැනේජර් කෙනෙක්.මමත් ඉන්නේ කොළඹ මිස්.."

ඔහොම ඔහොම කට්ටිය තමන්ව විස්තර කරද්දි,අපේ වාරේ ආවම මමයි ෂෙවෝනුයිත් අපි ගැන විස්තර කලත් මම හිටියේ තෙහස් ගැන හිත හිත!බොරු කියන්න ඕනේ නෑනේ බන් මට ඌ ගැන දුක හිතුනා..ඒක අනුකම්පාවක් කිව්වොත් හරි.. තෙහස්ගේ සිහියේ හිටියට මොකෝ මං බලාගෙන ෂෙවෝන් සැරින් සැරේ හිමාශයා දිහාව බලනවා.. මූ මොකාටද මේ එන්න හදන්නේ..!? මං නොදැක්ක ගානට කට පුප පියාගෙන හිටියෙ අපි හම්බෙවලා තාම පැය තුනක්වත් නැති නිසා!

Bloody Moon - Taekook NonficWo Geschichten leben. Entdecke jetzt