මාස හතක් අටක් පමණ වයසැති කුඩා බිළින්දාව 'ජෝසප් අනාථ නිවාසය' හි දොරටුව අසළින් තබා මද වේලාවක් කුමරු දෙස බලා සිටියේ වරදකාරි හැඟීමකින්..

"මාගේ කුමරුවනි, මට වෙනත් විකල්පයක් නෑ.. මට දහස් වාරයක් සමාවන්න කුමරුණි... නියමිත කාලය පැමිණෙන තෙක් ඔබ මිනිස් දරුවෙකු ලෙස හැදී වැඩෙණු ඇතියි...."

අනාථ නිවාසයේ දොරටුව ඉදිරිපස සිටගත් ග්‍රෙගෝ, එසේ පැවසුවේ සමාව අයදින ස්වරයකිනි. හයක් හතරක් නොතේරෙන පුංචි කුමරුට හිසනමා ආචාර කොට අනාථ නිවාසයේ දොරට තට්ටු කර, වේගයෙන් එතැනින් පිටව ගොස් අන්ධකාරය තුළ සැඟව එහි දොර දෙස බලාසිටියා.මද වේලාවකින් දොර විවෘත කරමින් එළියට පැමිණි මැදි වියේ ගැහැණු අයෙක් තම දෙපා මුල හඬමින් සිටින බිළිදා වඩාගෙන වටපිට බලන අයුරු ග්‍රෙගෝ බලා සිටියේ ලා කඳුළු පටලයක්ද තම දෑස් තුළ සඟවගෙනයි.

වටපිට බැලූ එම කාන්තාව බිලින්දා රැගෙන ගොඩනැගිල්ල තුළට ගොස් දොර නැවත වසාදැමූ පසු ග්‍රෙගෝ එතනින් නික්ම ගියත්, කුමරුගේ ආරක්ශාව වෙනුවෙන් ඔහුට වෙනත් විකල්පයක් තිබුණානම් ඔහු නිසැකවම කුමරුව මෙවන් ස්ථානයක දමා නොයන්න තිබුණා......

            -වසර 17කට පසු-

Someone's Pov -

ඩක... ඩක... ඩක... ඩක...

ම්ම්... රෝලර්කෝස්ටර් ලයිට් වර්සන්...
හැබැයි බන් මොන ඇදේ කිව්වත් කෝච්චියේ යද්දි අර ඩක ඩක සද්දෙයි ගැස්සිල්ලයි නැති උනාම නිකන් ලුණු නැති පරිප්පුව වගේ වෙනවා.. ආ නැද්ද??? කෝච්චිය උනත් ගස්ස ගස්ස යද්දි තමා බන් ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙන්නේ...

හෙනකඳයා වගේ එකපාර පාත්වෙලා කියවන්නේ මේ මොකාද කියලා ඔයාලා බලනව ඇතිනෙහ්?? මං නෙතුන්... නෙතුන් හසරැල් ද සිල්වා..

 නෙතුන් හසරැල් ද සිල්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bloody Moon - Taekook NonficWhere stories live. Discover now