39th Bell

118 14 2
                                    

කැලිෆෝනියා වලට ඇවිත් ගෙවන හත්වෙනි දවස අද. මෙහෙට ඇවිත් සතියක්.... දැං වෙලාව උදේ 9.00යි. මට ඇහැරුනේ 8.40ට මෙච්චර වෙලා මම මගේ එහාපැත්තේ තිබ්බ නිදාගත්තම අහිංසක රූපේ දිහා බලන් හිටියා. එයා නින්දෙන්  ගන්න හුස්ම හරිම පැහැදිලියි. එයා හරි සංසුන්. අනික නිදා ගත්තහම ඒ රූපේ හරි නිවුන බවක් තිබ්බා... මට ඔය ඔක්කොම විඳින්න වෙන්නේ මෙන්න මෙයා නිදා ගත්තහම කියලා දන්න නිසා මමත් එයාට නිදා ගන්න දීලා නිවිහැනහිල්ලේ ඒ රූපේ විඳ ගත්තා..

ටි ටි ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං. ටිං ටි ටි ටි...

හෙලෝ....

................................................................................................................................................................................................

මොකද්ද කිව්වේ...අනේ.. අයියේ...මගේ පොඩ්ඩා...

.................

බබා ඇයි අඬන්නේ.... හෙලෝ හෙලෝ.. අයියේ මම මල්...

..............

හරි අයියේ මම සීනු ගැන බලන්නම්.. හරි මම හිත හදන්නම්..

උදේ පාන්දර මට ආපු කෝල් එක එච්චර සුභ දෙයක් නොවුනේ මගේ දරුවෙක් වගේ හිටපු මගේ බලු රාල මේ ලෝකේ දාලා යන්න ගිහින් කියලා අයියා කියපු නිසා.... එයාව මෙහේ ගෙනාවේ නැත්තේ එයාට අපිත් එක්ක චුට්ට දුරක්වත් ට්‍රැවල් කරන්න බැරි නිසා.... මට දැන්ම ලංකාවට යන්න බැරි නිසා මම තවත් දුක් උනා.. එයාගේ අවසන් කටයුතු වලට වත් මට ඉන්න බැරි වෙන එක ගැන මට ඊටත් වඩා දුකයි..

දවසම මම කලේ මල්ගේ පපුවට ඔලුව තියාගෙන ඇඬුව එක. කොහොම හරි අඬලා අඬලා  උණත් හදා ගත්තා.. කෑම කෑවෙත් නෑ. හිත මහා ගොඩක්ලෙඩ උනහම මම අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒක එච්චර ලොකුවට මම තනියම ඉන්න කාලේ ගණන් ගත්තේ නැතත් දැං මගේ ලඟින් මල් ඉන්න නිසා මම ඒ හැම දේකටම එයාගෙන් යැපෙන්න පටන් ගත්තා..

උදේ හොස්පිට්ල් එකෙන් බොඩි එක ගෙනත් මල් ශාලාවකට බොඩි එක බාරදීලා.හවස ඒක ආයෙ  අයියලට ලැබුනහම  අයියලගේ ගෙවල් ලඟ පන්සලේ පොඩි හාමුදුරුවෝ වඩම්මලා පාන්සකූලෙත් දීලා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කීමට පන්සල් වත්තේ කෙලවරේම වලක් හාරලා එයාව වැලලුවා...මේ හැමදෙයක්ම වීඩියෝ කෝල් ඉඳලා මම බලන් හිටියේ..

The Bell.... (සීනු)Where stories live. Discover now