30th Bell

93 12 1
                                    

Make me sweat
Make me hotter
Make me lose my brain
Make me water...

පැය නවයක ගමන්ක් ඒයි.. තාම පැය දෙකයි ගෙවිලා ගියේ...
මේකේ සීට් එකට ඉස්සරහින් පොඩි TV එකක් වගේ ගැජට් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔබලා කරලා බැලුවහම ප්ලේ ලිස්ට් එකක් හම්බුනා.එතනම පොඩි පැක් එකක earphone එකක් තිබුනා. පස්සේ ඒකත් කනෙක්ට් කරගෙන ටයිලා නම්කිගේ  water සිංදුවත් අහන ගමන් මම වින්ඩෝ එකට ඔලුව තියා ගත්තා...

ඔබ හරි සොඳුර.. මට වින්ඩෝව හිමි උනා. වින්ඩෝ එකට ආවේ ආන්ටි කෙනෙක්. එයා ආච්චි කෙනෙක් බට් එයාට මාර එලිගන්ට් ලුක් එකක් තියෙනෝ. මං හිතන්නේ එයා බිස්නස් වුමන් කෙනෙක් වෙන්නෝන. මේ එයාගෙ පලවෙනින්සැරේ වෙන්න බෑ. බෝඩ් කරපු වෙලාව්ව්ව් ඉඳං එයාගේ වැඩේ අයිපෑඩ් එකෙන් මොකක්දෝ මන්දා ඩොකියුමන්ට් එකක් කියවන එක.. මගේ න'වා හැසිරීම නිසාද මන්දා එයාට තේරුනා මම පලවෙනි වතාවට මේ ට්‍රැවල් කරන්නෙ කියලා. මම එයාට thankyou aunty කිව්වා. මෙයා කියපි නැතැයි බබෝ මම ආන්ටි කෙනෙක් වෙන්න නම් වයස වැඩී කියලා.. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා.

මට දැං වයස අවුරුදු 67ක්.. ඉතිං ආන්ටි නම් කියන්න වයස වැඩී..

මං ආච්චි කියලද කියන්නෝන..

අන්න හරි..

ඕකේ.. එහෙනම් ඔයා සුදු ආච්චි...

එයා මට වින්ඩෝ එක දුන්නා.... මං දැං එයාට ගොඩා....ක් ආදරෙයි..මං අහන්නේ මේ ලස්සන හුරුබුහුටි හුරතල් කෙල්ලට කවුද අප්පා වින්ඩෝ සීට් එක නොදී ඉන්නේ... නේද !?

ෆ්ලයිට් එක නග්ගද්දී ගැස්සෙනකොට මට වමනේ ගියා.. ඊට පස්සේ හරි... මේකේ හොස්ටස්ලා පට්ට.. මම ටිකක් ඩ්‍රව්සි ගතියෙන් ඉන්නේ කියලා දැනිච්ච ගමන් මං ඉන්න සීට් ලංගටම වෙලා හිටියා එක අක්කා කෙනෙක්.. එයා ෆ්ලයිට් එක නග්ගනකම්ම මගේ ගැන අවදානෙන් හිටියේ....

තාම පොඩි ඔලුවෙ කැක්කුමක් නැතුව නෙමෙ. එව්ත් අවුලක් නෑ.. හොස්ට අක්කායි මගේ සුදු ආච්චියයි  නම් කිව්වේ ටිකක් නිදා ගන්න එතකොට හරියනවා කියලා...  අර ඩබල නම් කපල් දාල කට කපලා බුදි...

මේකේ පොඩි එකෙක් ඉන්නවා බෝඩ් කරපු ව්ව්ලාවේ ඉඳලා පොඩි එකාගේ වැඩේ අඬන හිරියා වගේ අඬන එක.. ඒ අම්මා අපි හැමෝටම ear plugs දුන්නා පොඩි sorry letter එකක් එක්ක... මොනා උනත් පොඩි නින්දක් දාලා ඉන්නෝන...

The Bell.... (සීනු)Where stories live. Discover now