37th Bell

87 13 2
                                    

ඔයා කොහෙද මෙහේ..

ඔයා දන්නවා ඇයි මම මෙහේ කියලා..

ඇයි මං යන හැම තැනම ඉනේ. මම කිව්වනේ කැමති නැහැ කියල..

මං කිව්වනේ මාත් අතාරින්නේ නෑ කියලා.. අද හරි ලස්සනයි ඔයා..

හ්ම්ම්. මම දන්නව..

මට එක චාන්ස් එකක් දෙන්න බැරිද..

බෑ.

ඒ තරම්ම කවුද ඔයාගේ හිතේ ඔච්චර ඉන්නේ.

ඒකේ අයිතිකාරයා මුලු හිතේම ඉන්නවා. I'm  sorry but you got no chances..

හ්ම්ම්. අඩුම යාලුවෙක්..

හිතනවද ඔයාට යාලුවෙක් විතරක් වෙල ඉන්න පුලුවන් කියලා?

හ්ම්ම්. ට්‍රයි කරනවා..

ඊට එහා දෙයක් මගෙන් බලා පොරොත්තු වෙන්න එපා..

හ්ම්ම්... බෙල්... අක්කේ ...

මොකද?

මම ආවේ ඔයා නිසා විතරක් නෙමේ.... අයාන් කියන්නේ මගේ අයියා නිසා..

අයියා කිව්වට ස්ටෙප් බ්‍රද!? මං හරිනේ.

හ්ම්. හරි ඒත් එයා මගේ අයියා...

හාකො.. එහෙම හිතමු...

...............

කට්ටිය බලනව ඇති අයාන්ට කොහෙන්ද නම්කියෙක් කියලා..

ඔව් ඔව් ඇහුනා හරි.. අයාන්ගේ තාත්තගේ සයිඩ් කික් එකේ දුව මේ. නම වැලරි.වැලරිගේ අම්මා නැති වෙලා. ඒ කියන්නේ අයාන්ගේ ඩැඩාගේ මිස්ට්‍රස් වැලරිව හම්බ වෙද්දී නැති වෙලා. වැලරි මෙච්චර කල් හිටියේ ළමා නිවාසෙක. ඒක් අයාන්ගේ මමීත් දැනගෙන හිටියා මෙයාට 18 සම්පූර්ණ උනෙ ගිය මාසෙ. ඉතිං අන්තිමට අයාන්ගේ අම්මා වැලරිව බාර ගත්තා.. 

මේකි  මෙහේ ගෙදර ආවට පස්සේ හිටියේ වැඩිපුර මගේ ගෙදර. ඔන්න බලහම්කෝ රෙකෙට්ඝ් හැටි මේ කෙල්ල මට love කරන්න පටන් අරං.. පවු පොඩි එකී...

.............

බෙල්..

අක්කා. කියන්න.. මම ඔයාට වඩා වැඩිමල් ගොඩක්..

හ්ම්ම් අක්කේ මට ඇත්තටම ඔය හිතේ ඉඩක් නැද්ද?

නෑ. ඒක පුරෝලා කෙනෙක් ඉන්නවා. මම කියලා තියෙනවනේ!?

හ්ම්ම්.. හරි ආයේ කරදර කරන්නේ නෑ..

ඒක හොඳයි. දැං රෑ වෙල ඔයාගේ රූම් එකට යන්න..

හ්ම්ම්. ගුඩ් නයිට්.

හ්ම්ම්. නයිට්

..............................

වැලරි එක්ක කතා කරලා මම මගේ රූම් එකට ආවා. එනකොට දොර ඉස්සරහා ලොකුම ලොකු ලස්සන මල් බොකේ එකක් තිබුනා. ඒ බොකේ එකේ තිබුනේ රතු පාට ඇස්ටර් මලුයි හෙලියොට්‍රොප්ස් විතරයි.. ඒක ලස්සනයි. හැබැයි මේක කාගෙන්ද කියලා වත් පොඩිම පොඩි නෝට් එකක් තිබ්බෙ නෑ. මම එතනින් ගිය රූම් බෝයි කෙනෙක්ට කතා කරලා ඇහුවා කවුද මේක් මෙතනින් තිබ්බේ කියලා. ඒකා කියපි අනේ මැඩම් සමාවෙන්න දන්නේ නම් නෑ කියල..😑

මොනා උනත් මේක පට්ටම ලස්සනයි.. මං ආසයි 😍 මම බොකේ එකත් අරගෙන රූම් එක ඇතුලට ගියා.. අනේ මන්දා රූම් එකේ කවුරුහරි ඉන්නවා වගේ ෆීලිංග් එකක් තියෙනව්..

පිස්සු විකාර. කෙලින්ම ඇඳ ගාවට ගිය මම එකින් එක ඇඳුම් ගලවලා අයින් කලා.. දැන්නම් හොඳටම මහන්සියි. මට ඕන හිඳ වොශ් එකක් දාලා ඇඳට පනින්න..

ඉක්මනටම ඇඳුම් ගලවලා ඉවර කරගත්ත මම උපන් ඇඳුමෙන්ම බාතෲම් එකට ගිහිං යන්න කලින්ම රෙඩි කරලා ගිය ටබ් එකට බැස්සා.. අම්මෝ දැනෙන සනීපේ..

එහෙම්මම චුට්ට වෙලාවක් ඇස් පියාගෙන ඉන්නකොට මට ඇහුනා රූම් එක ඇතුලෙන් වීදුරුවක් බිඳෙන සද්දේ.  බය උනේ නෑ කිව්වොත් පට්ටපල් බොරු. මොන මිනීමරුවෙක් ඇවිත් ඉන්නවද දන්නේ නෑනේ.. ඉක්ම්නට ඇඟ හෝදගෙන බාත්‍රොබ් එක පටගත්ත මම. හිමින් සීරුවේ රූම් එක ඇතුලට ආවා.. මට නිකන් කිචන් එකේ පොඩි චායාවක් පේනවා. ඒ කවුද කියලා බලන්න නම් එතනට යන්නම වෙනවා.. මමී වෙන්නත් බෑ. වැලරි වෙන්නත් බෑ. මම වැලරිව එයගේ රූම් එකට ගියාට පස්සේ තමා මගේ රූම් එක අන්ලොක් කලේ. අනික රූම් එක ඇතුලට ආපු ගමන් මන් ඒක ලොක් කලානේ?

The Bell.... (සීනු)Where stories live. Discover now