8th Bell

112 16 1
                                    

Its move in day...

අපෝ මට බෑ අප්පා.. ඊයේ රෑ ඉඳන් බෑග් ලෑස්ති කරනවා. පොත්, ඇඳුම් විතරක් නෙමේ ගෙදරට ඕන කරන තව ගොඩක් දේවල් කෑම බීම ඉඳලම පැක් කරන්න උනා.. තව ටිකකින් අයියා හය කරපු පික්මී කා එක එනවා. ලොරියක දාන්න තරම් බඩු නෑ. හැබැයි ත්‍රී වීල් එක මදි.. කා එකක්ම දාන්න උනා..

යුනිෆෝම් එහෙමත් එදාම හවස ආන්ටිත් එක්ක ගෙදර යන ගමන්ම ආන්ටිගේ බල කිරිල්ලට නවත්තලා ගත්තා.....

චූටි කා එක ආවා.. එන්න..

එනවා අම්මා..

මම යනකොටත් අක්කයි අම්මයි අයියයි බඩු ටික කා එකේ ඩිකියට දානවා... ලගේජ් තුනයි.. තව වෙනම කීල්ස් බෑග් තුනයි..

කොහොම හරි අපි ගෙදරට එද්දී  එකොලහටත් කිට්ටුයි.. අම්ම මං එක්ක කා එකේ ආවා. අක්කයි අයියයි නෑනයි බයික් දෙකේ අපි පස්සෙන්ම වගේ ආවා..

දැං තියෙන්නේ ඉතිං අන්පැකිං තමා..ඒලත් කරලම දීලා අපි යන්නම්..

කුස්සිය තමා අම්මා. මම අල්මාරියට ඇඳුම් දා ගන්නම්....

මම තුනපහ ලුනු ඒවා එහෙම බෝතල් වලට දාලමනේ ගෙනාවෙ. ඒ ටික පැන්ට්‍රි කබඩ් එකක් ඇතුලෙන් දැම්මා... මම කුස්සිය අස් කරල දෙන්නම්..ඔයා ගිහින් ඇඳුම් ටික දා ගන්න..

මම බෙඩ් ශීට් කොට්ට උර ටික දාලා ඇඳ හදලා දෙන්නං.

හා අක්කා. මේ නිල්පාට ලැගේජ් එකේ  බෙඩ් ශීට් කොට්ට උර. අර කලු පාට එක දාන්න හොඳේ..

හා..
..................................

ඒ වැස්සී..

ඕ ශේන්..

මේ අපෙව් ලොකු අම්මගේ දුව හදිස්සියේ වැකේශන් ගියානේ. ඉතිං එයා ආයේ මෙහේ එන්නේ නෑලු. එහේ නවතිනවලු..
මේ ඉතිං ඔයාගේ අකමැත්තං නැත්තං එයාගේ ඇඳුම් එහෙම ගොඩාක් තියෙනවා එක පාරක් වගේ ඇඳපුවා. ගෙනත් දෙන්නද? මේ ලොකු අම්මා විසික් කරන්න හදනවා..

අනේ. කමක් නෑ ශේන්.. පුලුවන්ද ගෙනත් දෙන්න?

ඔව් කොහොමත් මම දැං එන්න හැදුවෙව්..

අහ් හරි තැංකිව් හොඳේ......

මම දැං මෙහෙන් පිටත් වෙනවා. අම්මලා තාම ඔහේද?

The Bell.... (සීනු)Where stories live. Discover now