20th Bell

108 13 1
                                    


නිවාඩුවෙන් සති දෙකක් මහා කාලකන්නි විදිහට ගෙවිලා ගියේ. කකුලේ අමාරුවත් එක්ක මුකුත්ම වැඩක් හරියට කරගන්න බැරි වෙද්දී සමහර වෙලාවල මට මං එක්කම කේන්තියි..

අද ශේන් අයාන් දෙන්න ලංකාවට එනවා. ආන්ටි ඩ්‍රයිව අංකල්ව යවනවා කිව්වා එයාපෝට් එකට දෙන්නවම පික් කර ගන්න.

මටත් ලොකුවට කියලා පාඩම් කරන්න දෙයක් තිබ්බේ නැති නිසා ගේම් එකක් ප්ලේ කර කර ඉද්දී එක පාරටම මගේ බිස්නස් වට්සැප් එකට මැසේජ් එකක් ආවා. මේක ශේන් ගේ බලේට ෆේස් බුක් එකේ හදපු මගේ කාඩ් ඩිසයිනින් පේජ් එකට දාපු බිස්නස් ඇක් එක...

Hi..

Hi how can I help you..

මට ඔයාලගෙන් මගේ වෙඩිංග් ඉන්විටේශන් එක ඩිසයින් කරගන්න උවමනාවක් තියෙනවා.. පැකේජස් එහෙම කොහොමද කියලා දැනගන්න පුලුවන්ද?

පැකේජස් එකක් විතරයි තියෙන්නේ මිස් දැනට, කාඩ් 100 - 500 කට කාඩ් එකකට රුපියල් 100 ගානේ. මිස් ඊට වැඩියෙන් ගන්නවා නම් අපි 30 •\• ඩිස්කවුන්ට් එකක් දෙනවා. අනික ඩිලිවරි චාජ් එක ෆ්‍රී..

ඔහ්, එතකොට ඔයාලගේ මොකක් හරි හෙඩ් ඔෆිස් එකක් තියෙනවද මට ඇවිත් මේක ගැන කතා කරගන්න.

මේක ස්මෝල් බිස්නස් එකක් මෑම්. ඉතිං මීටප් වෙන්න අවශ්‍ය නම් මම තැනක් ඇරේංජ් කරලා මෑම්‍ට ලොකේශන් දෙන්න්ම්.

ශුව. කලම්බො අවට නම් ගොඩක් ලේසියි. මම මේ වීක් එකේම ෆ්‍රී ෆ්‍රයිඩේ වගේ මීටප් එක දාගන්න පුලුවන් වෙයිද? අනික ඔයා ලඟ තියෙනවා නම් සාම්පල් ගේන්න..

ශුව. මම ලොකේශන් එකක් ඇරේංජ් කරලා කියන්නම් මෑම්.

තෑංක්ස්..

...........................

ආන්ටි..

ඕ බබා.. කියන්න..

ආන්ටි මට වෙඩිංග් කාඩ් ඕඩර් එකක් ආවා. කස්ටමට මාව මීට් වෙන්න ඕනලු. ට්ජැනක් ඇරේංජ් කරලා කියන්නම් කිව්වා මම.

බබා.. අපේ ඔෆිස් එකේ මම රෙඩි කරලා දෙන්නම් ඔයාට... කවද්ද යන්නෝන ?

මේ ෆ්‍රයිඩේ ආන්ටි..

හ්ම්ම්. අර ඩබලත් ඉන්නවනේ. හරි මම දැං මිස්ට ප්‍රභාත්ට කියලා ඔයාට ඔෆිස් එකේ රූම් එකක් රෙඩි කරවන්නම්. මීට පස්සේ බිස්නස් මීටප්ස් වලට ඔයා ඒක යූස් කරන්න.. ඕකේ?

The Bell.... (සීනු)Where stories live. Discover now