17th Bell

119 13 2
                                    

මැච් එක ඉවර වෙලා සතියකුත් ගියා. අපි එදා දින්න නිසා අපිට කෝච් ගානේ පිට්සා හට් එකෙන් පිට්සා හම්බුනා..
හෙට..
හෙට අපේ ටර්ම් ටෙස්ට්.මට නම් ඉතිං අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ. ජපන් නම් ඉතිං වතුර වගේ දැං. ලිට් උනත් අවුලක් නෑ. වෙස්ටන් මියුසික් කියන්නෙත්  අමාරුවක් නැතිසබ් එකක් නිසා මට කොහොමටත් අවුලක් නෑ.
රයලි නම් දාගෙන පාඩම් කරනව. මම මේ පොඩි ජපන් ඩ්‍රාමා එකක් බල බල හිටියේ චෙරි බ්ලොසම් කියලා..

පට්ට කතාව හැබැයි. Bl එකක්.. රෙකම්න්ඩ් කලේ මගේ බලු කුක්කා.
අහ් ඒක නෙමේ එයා ලබන සතියේ එග්සෑම් ඉවර වෙලා හොලිඩේස් පටන් ගත්තහම අයාන් එක්ක පොඩි ටුවර් එකක් යනෝ කියලා කිව්ව මෝල්ඩිව්ස් වලට... මොනාඋඅත් මං දැම්මම උම්බලකඩ පාර්සලයක් ඕඩර් කරල තියෙන්නේ🤣.. කොහොමත් එහේ එහෙම ගේන්න දෙයක් නෑ කියලා මම හොඳටම දන්නවා. මොකද මගේ තාත්තා හිටියේ එහේ. එයා එහේ හිටපු කාලෙට ගෙදරට දෙයක් එව්වා නම් ඒ උම්බලකඩ විතරයි.🤣

..............................

සතියක් ඉවර උනා විභාගෙත් එක්ක අද අපිට තිබ්බේ general English  කොහොමත වුල්ක් නෑ. අනිත් පේපර් තුනම පට්ට ලේසි. හෙට වෙස්ටන් මියුසික් ප්‍රැක්ටිකල් දෙන්නෝන. පේපර් එක හැදෙන්නේ ට්ජියරි ප්‍රැක්ටිකල් දෙකම එක්ක. කෝකටත් කියලා පියානෝ පාට් එකක්, ගිටාර් ප්ලේ එකක් වගේම , වයලීන් ප්ලේ එකකුත් පුරුදු උනා. මට පියානෝ එකක් නැතත් ගිටාර් එකකුයි වයලීන් එකකුයි තිබ්බා. පියානෝ ප්‍රැක්ටිස් කලේ ශේන් එක්ක එයාලගේ ගෙදර ගිහින් එයාලගේ ගෙදර පියානෝ එකක් තියෙනවා.

හෙට සෙන්සේ අපිට ලකුණු දෙන්වා කියලා පොරොන්දු උනා. සමහරවිට ලිට් ලකුනුත් හෙටම හම්බවෙයි.මියුසික් නම් හම්බෙන්න අනිද්දා වෙයි මොකද හෙටනේ ප්‍රැක්ටිකල්.

අද හවසට ශේන් එනවා කිව්වා පොඩි ශොපිං පාරක් දාන්න.. ඉස්කෝලේ ඉවර උන ගමන් ගෙදරට දුවලා ගියේ ස්පෝට් යුනිට් එකේ හිටපු කෝච්ටත් අද මම ප්‍රැක්ටිස් එන්නෑ කියලා කියන ගමං. ගෙදර ආපු ගමන් පොඩි වොශ් එකක් දාලා කොට ශෝට් එකකට බැගී ටී එකක් ඇඳලා කුස්සියට ගියා කෑම කන්න. කාල ඉවර වෙනකොටම වගේ ශේන් ආවා ඇවිත් යං කිව්වට මම කිව්වා ඉන්න දිග කලිසමක් දාන් එන්නම් කියලා. අන්තිමට එයාට තිබ්බ හදිස්සියට මම ඇඳං හිටපු ශෝට පිටින්ම එන්න උනා. හොඳම වැඩේ කියන්නේ අද යොශ් මල්ලිත් කා එකේ. මට අමතක උනා මෑන්ව කූඩි දාන්න. සාමාන්‍යයෙන් එයා අපි නැති වෙලාවට ඉන්නේ නිදැල්ලේ මිදුලේ.. අනිත් වෙලාවටත් කියලා වෙනසක් නෑ..මම කා එකට නගිනව දැක්ක පොර මටත් කලින් ගිහින් ඇතුලෙන් වාඩි උනා. අන්තිමට එයාගේ හාන්ස් එකත් අරං ඇවිත් එයාවත් අරගෙනම අපි පිටත් උනා.

The Bell.... (සීනු)Where stories live. Discover now